Chapter 2

336 48 2
                                    

"ටේහියුන්..මේක තමයි ඔයාගේ හොස්ටල් රූම් එක.ඔයාගේ රූම් මේට් ඇතුලේ ඇති ඔයා එයා එක්ක කතාකරලා ඔයාගේ බඩු ටික අස්කරගෙන හෙට ස්කූල් එකට යන්න ඕනි දේවල් ලෑස්ති කරගන්න.."

"හරි සර්...කුමාවෝ.."

මාව හොස්ටල් රූම් එකට එක්ක ආව සර්ට ඔලුව නමලා ආචාර කල මන් රූම් ඩෝර් එක දිහා බලන් ලොකු හුස්මක් පාත දැම්මා..

මගේ රූම් මේට් මොන වගේ කෙනෙක් වේවිද දන්නේ නෑ..

*ම්...තට්ටු කරලා ඇතුලට ගිහින්ම බලමුකෝ..*

එහෙම හිතුව මන් තට්ටු කලත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා මන් ඩෝර් එක ඇරන් ඇතුලට ගියා..

ඒ රූම් එක හරිම ලස්සනට පිලිවෙලට අස් කරලා තිබුන තනි ඇදක් එක්ක සයිඩ් ටේබල් එකක්,ටේබල් ලෑම්ප් එකක්,
මේසයක්, පුටුවක් , කබඩ් එකක් තිබුන හරිම හුරුබුහුටි රූම් එකක්..

මන් රූම් එක පුරාම ඇස් යැව්වත් ඇතුලේ ඉන්නවා කිව්ව මගේ රූම් මේට්ව නම් දැක්කේ නෑ...

"ඔහ්.."

එක සැරේම ඩෝර් එකක් ඇරෙන සද්දේ ඇහුන නිසා මන් ගැස්සුනා..

සද්දේ ඇහුන දිහා බැලුව මන් ගැස්සිලා ආයෙම අහක බලාගත්තේ එක සැරේම දැනුන ලැජ්ජාවට මගේ කන් කම්මුල් රතුවෙන්න ගත්තු නිසයි...

Wonderfull loveWhere stories live. Discover now