11.Jeon's Personal Slut - I

Start from the beginning
                                    

" ඔය මොකද? "

" ඇයි? " සන්වූ තමන් දිහා බලාගෙන හිටිය විදිහට අපහසුවක් දැනුන නිසා ජිමින් කෙල ගිල්ලා.

" ඔයාගෙ බෙල්ල... කලින් හොඳට තිබ්බනෙ..ඇයි මේ ලේ එන්නෙ..? " සන්වූ පුදුමෙන් ජිමින්ගෙ බෙල්ලට එබුනෙ මේ මනුස්සයට මොනවා වෙලාද කියලා හිතමින්.

" ආහ්..ඒක ලොකු දෙයක් නෙවෙයි..මදුරුවෙක් කෑවා "

" මදුරුවෙක්? මදුරුවො කැමව බල්ලෙක් කාලා වගේ පාර හිටිනවා කියලා මං අදයි දන්නෙ.. "

සන්වූගෙ වචන එක්ක ජිමින් ඇස් ලොකු කරගෙන එයාගෙ මූණ දිහා බැලුවා..

" ඇයි මොකද..බොරු කියන එක නතර කරලා ඇත්ත කියන්න මට "

" ඔයා මුලින්ම ටී එක බීලා ඉන්න..ඒක නිමිලත් ඇති.." ජිමින් කිව්වම සන්වූ ස්ටූල් එක උඩ තිබ්බ ටී එක ගන්න ගියේ මොහොතකට ජිමින්ගෙ බෙල්ලෙ තුවාලෙ ගැන අමතක කරලා.හොද හුස්මක් ගත්ත ජිමින් සන්වූට කියන්න බොරුවක් කල්පනා කරන්න පටන් ගත්තා.

.
.
.
.

" බායි අංකල්..බායි ජිමිනි... මං ආයෙ දවසක එන්නම්කො " අසයින්මන්ට් එක ඉවර කරලා දාලා සන්වූ ගෙදරින් යන්න පිටත් වෙද්දි රෑ හතත් පහුවෙලා තිබ්බා..

ජන්ග්කුක් ඒ වෙද්දිත් හරිම ඉවසීමෙන් එයාගෙ කාමරේට වෙලා හිටියත් සාලෙන් ඇහුන හිනා සද්ද නිසා ඒ පැත්තට යද්දි සන්වූ යන්න ලෑස්ති වෙනවා කියලා දකින්න පුලුවන් උනා.මූණට ආරුඪ කරගත්ත හිනාවක් එක්කම ජිමින් ඉන්න තැනට ආව ජන්ග්කුක් සන්වූට හිනාවුනා.

සන්වූ ගේට්ටුවෙන් එළියට යනකම් බලාගෙන හිටිය ජිමින් දොර වහලා දාලා හැරෙද්දි ජන්ග්කුක් අත්දෙක බැදගෙන ජිමින්ගෙ මූණ දිහා බලාගෙන හිටියා..

" වොෂ් කරගන්න "

" හ්ම්.." ජිමින් ඔළුව වනලා කාමරේට යන්න ගියා.

.
.
.
.

හොට් වෝටර් ෂවර් එකකට පස්සෙ බාත්රොබ් එක අස්සෙ සනීපෙට ගුලිවෙලා බාත්රූම් එකෙන් එළියට ආව ජිමින් එහෙම්ම ඇඳ දිහා බලාගෙන ගල් උනා.ඇඳ උඩ කකුලක් පිට කකුලක් දාගෙන වැතිරිලා හිටිය ජන්ග්කුක් තමන් දිහා බලාගෙන ඉන්න ජිමින් දිහා ඇස් කොනින් බලලා ආයෙමත් ඇස් ෆෝන් එකට යැව්වා.

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now