Jin:හෑම දෙයක්ම වෙනස් වෙන කාලයක් ඒවි beomgyu..ඒත් ඒ වෙනස් වීමට ඉඩ සලසවනවද නැද්ද කියන එක ඔයාගෙ තීරනයක්...මන් දන්නවා ඔයා වැරදි දෙයක් කරන්නෑ කියලා..ඔයාගෙ හදවතට එකගව වැඩ කරන්න beomgyu..හම්..

Jin කිව්වෙ beomgyu ගෙ හිස අතගානගමන්...

Yeonjun තනියම කාමරේට වෙලා ඉද්දි එතනට yoongi ආවෙ දොරටත් තට්ටු කරනගමන්.

YG:yeonjun...

Yeonjun මොකුත් නොකිය ජනේලෙ දිහා බලන් ඉදපු නිසා yoongi, yeonjun ලගට ආවා.yoongi තමන් ලගට ආපු නිසාම yeonjun බිම බලාගත්තා.

YG:කොල්ලා රණ්ඩුවක් දාගත්තද හම්...

YJ:hyung...
මට තනියෙන් ඉන්න ඕන...

YG:ඒත් මට බෑ ඔයාට තනියෙන් ඉන්න දෙන්න...

Yj:hyung....

YG:හම්....

Yj:ම..මන් වැරදිද...

YG:ඇයි එහෙම අහන්නෙ...

Yj:මේ හැම දෙයක්ම මගේ නොදැනුවත්කම නිසා වුනේ..අද ඒ හැම දේකම සීමාව පැන්නා..මට බැරි වුනා මගෙ මල්ලිලා ගැන හරියට බලන්න...

YG:ෂ්..ෂ්...ෂ් yeonjun-ah..මොනාද ඔයා මේ කියවන්නෙ..ඔයා ඒ හතර දෙනා ගැන කොච්චර හිතනවද..hyung කෙනෙක් විදියට ඔයාගෙ අතින් කිසි වරදක් වුනේ නෑ..ඔයාට ඕන වුනේ beomgyu ව වගේම අනිත් තුන් දෙනාවත් හොදින් බලාගන්න...ඔයා ඒ දේ හැම මොහොතකම කරා yeonjun-ah..

Yj:එ..ඒත් hyung..

Yeonjun ට කිසි පාලනයක් නැතිව තමන්ගෙ ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තා.

YG:ඔයාගෙ අතින් මොනවත් වුනේ නෑ yeonjun-ah..හැම කෙනෙක්ගෙම අතින් වැරදීම් වෙන්න පුලුවන්..ඒත් අපි කරන්න ඕන ඒ වැරැද්ද මතක් කර කර පසුතැවෙන එක නෙවේ..අපි කරන්න ඕන එකම දේ ආයෙ ඒ දේවල් නොවෙන්න වග බලාගන්න එක..හම්...

Yoongi කිව්වෙ yeonjun ගෙ කොන්ඩෙ අවුස්සනගමන්.yoongi හුගක් වෙලාවල් වලට තමන්ගෙ මල්ලිලා එක්ක රණ්ඩු කරගත්තත් yoongi හැම වෙලාවකදිම එයාලගෙ දුකේදී ලගින් ඉන්න අමතක කරේ නෑ.ඒ වගේම yoongiගෙ මල්ලිලත්...namjoon අනිත් තුන් දෙනත් එක්ක කතා කරලා ඉවර වෙලා beomgyu ගෙ කාමරේට ආවෙ කොල්ලට කොහොමද කියලා බලන්න..

Jin:namjoon-ah..

Nj:හම්..

Jin:thanks මේ වතාවෙ වත් හීටරේ කැඩුවෙ නැති එකට..

Jin කියපු දේට beomgyu ට ලාවට හිනාවක් ගියා.

Nj:ඔය ඉතිම් කිව්වෙ ගත් කටටම..

BG:දැන් හරි hyung...මන් ඉතුරැ ටික තවාගන්නම්...

Jin:විකාර නොකිය ඉන්න...තියෙන අමාරැව තව වැඩිකරගන්න හදන්නෙ ඒ පාර...

ඒ අතරෙ beomgyu ගෙ gf කොහොම හරි කොල්ලගෙ ගෙදර දැනන් ඉක්මනටම එහාට ආවෙ school එක ඉවර වුන ගමන්.ඒ ariත් එක්කම.කෙල්ලො දෙන්නා ආව සද්දෙට namjoon තුත් ගැස්සිලා ගියා.

Beomgyu..!!!!

BG:yeon soo...?

ඔ...ඔයා හොදින් නේද...මන් කිව්වා නේද ඔයාට රණ්ඩු කරන්න එපා කියලා..ඇයි මන් කියන දේ අහන්නැත්තෙ මෝඩයෝ...මන් ඉදපු නැති ටිකට මරාගෙන සේරම කරලා ඇයි මාව බයකරන්නෙ ආ..

beomgyu ට තුවාල වෙලා තියෙන ආ දකිද්දි yeon soo ගෙ හිතට තරහත් එක්කම මුසු වුනු දුකක් දැනුනා.ඒ නිසාම yeon soo බානගෙන බැනගෙන ගියා.beomgyu ට කවදත් ඒ ආදරේ දන්න නිසා ම yeon soo කියන හැම දෙයක් ම අහන් හිටියා.ඒ අතරෙ jin මොකුත් නොකිය namjoon වත් ඇදගෙන එතනින් එලියට ආවා.

Ari:so..sorry oppa...

Jin:ඇයි sorry කියන්නෙ ..

Ari:නෑ ඉතිම් අහන්නෙවත් නැතිව ඔයාගෙ ගෙදර ආව එකට...ඔන්නි එන්නම ඕන කිව්ව නිසා මන් එක්කන් ආවා...

Jin:ඒකට කමක් නෑ sis..මහන්සිත් ඇතිනෙ..මන් හැමෝටම තේ හදන් එන්නම්...

Ari:thanks oppa...අ...එ..ඒක නෙවේ huenin..?

Jin:එයා කාමරේට වෙලා ඉන්නවා ඇත්තෙ අනිත් දෙන්නත් එක්ක..

Ari:හරි oppa..

ඒත් එක්කම ari ,huenin ඉදපු තැනට ආවත් එතන කිසි කෙනෙක් හිටියෙ නෑ.yeonjun ගෙ කාමරේ පැත්තෙන් ඇහුන සද්දයක් නිසා ari ඒ පැත්තට එබුනා.huenin,soobin වගේම tea ත් yeonjun ව තදින් hug කරන් හිටියා.yoongi හිනාවෙනගමන් ඒ හතර දෙනා දිහා බලන් හිටියා.

Ari:අනේ ඒ ආදරේට ඇස් වහක් කටවහක් වදින්න නම් එපා..එයාලා හැමදාමත් මෙහෙම එකට ඉන්න ඕන...

Ari හිනාවෙනගමන් ප්‍රාර්ථනා කරා....








































Hi guys...
කොහොමද ඉතිම්🌼


꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now