💚 Chapter 27 ❤️

Start from the beginning
                                    

තමන් හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙනවා වගේ දැනෙන හැඟීම ආයිමත් බනී ගෙ හිතට වද දෙද්දී icu එකේ හිටපු පපාව දුරින් ඉඳන්වත් බලන්න යූ මමාගෙන් බනීට අවසර ලැබුණේ නෑ.යූ මමා පෙනෙන තෙක් මානෙ ඉන්න එකත් බනී ට අපහසුවක් වෙද්දී හොස්පිට්ල් එකේ කොණක තිබුණු පුටුවකට බර උණු බනී වතුර උගුරක්වත් බොන්න එහා මෙහා නොවී ම චෙන් එනකං බලන් හිටියා....

උදෙ වරුවේ හොස්පිට්ල් එකට ආපු බනී පහුවදා එළිය වැටෙන කම්ම කම්පාවෙලා වගේ වාඩිවෙලා ඉන්න එක දැක්ක කාගෙ උණත් හිත රිද්දූවත් යූ මාමාට නම් ඇති උණේ කේන්තියක් විතරයි.අවදානම අඩු උණ නිසා පපාව icu එකෙන් රූම් එකකට අරන් යනවා දකින එක විතරක් බනී ගෙ හිතට සැනසීමක් උණා.

මේ අතරෙ හවස් වෙද්දී නිවසට ආපු යීබෝ බනී නිවසේ නැති බව දකිද්දී හුගාක් කලබල වෙලා බනී ට එක දිගට කෝල් ගත්තත් phone එක answer නොකරා වෙද්දී පැය කීපෙකට පස්සෙ phone එක off වෙලාම තිබුණා.සයිලන්ට් mode දාපු phone එක කලබලේට පහල තට්ටුවේ සෝෆා එක උඩ දාලා ගිහිං තිබුණු බවක්වත් පස්සෙ එක දිගට ආපු කෝල් නිසා බැට්‍රි low වෙලා තිබුණු phone එක off උණ බවක්වත් යීබෝ දැනගෙන හිටියෙ නෑ.නොඉවසිල්ලෙන් මඟ බලන් හිටපු යීබෝගේ හිතේ දහසක් සිතුවිලි එහා මෙහා යද්දී  වාවාගන්න බැරි තරම් දුක ක් වගෙම බයක් හදවතේ තෙරපුණා.

ටික දවසකට අමතක වෙලා තිබුණු හැමදේම වතුරෙ ගිල්ලපු බෝලයක් ආයි උඩ එනවා වගේ එලියට ඇවිත් හිත පාරවන්න ගත්තෙ යීබෝගේ ඉවසීමෙ සිමාව ටිකෙන් ටික නැති වෙද්දි යි.

බනී ගෙ කටින් පිට උණු වචන පාළු මූසල රෑ පුරාම යීබොගෙ සවන් තුල ආයි ආයි දොන්කාර දෙන්න උණා.
.
.
.
.
දුර ගමනකට පස්සෙ පාන්දර එළිය වැටෙද්දී චෙන් හොස්පිට්ල් එකට ආවෙ කලබලෙන්.කඩින් කඩ නිදා වැටෙමින් පුටුවටම වෙලා හිටපු බනී ට චෙන් දැක්ක හැටියේ ලෝකයක් ලැබුණා වගේ දැනෙද්දී දුවගෙන ගිහිං තමන්ගෙ ළඟම මිතුරාව,සහෝදරයාව වැළද ගත්තා.කලබලෙන් ආපු චෙන් හදිසියේ සිදු උණ වැළද ගැනීම නිසා තව තවත් කලබල වෙද්දී ඒ බනී කියලා දැකපු හැටියේ කේන්තිය ඉහවහා ගියා.

"තමුන්...තමුන් මොකද මෙතන කරන්නේ....මොකද....පපා මැරිලද බලන්නද ආවෙ....මේ තරම් දෙයක් වෙන්න ඉඩ ඇරලා බලන් ඉඳලා දන් මොකටද ආවෙ....තමුසෙ මහ ලොකුවට කියෙව්වෙ නම් කොහොමද....මන් බලාගන්නම්....හැමදේම බලාගන්නම් කියලා නේද කියෙව්වෙ.මොකුත් වෙන්නේ නෑ කියලා නේද පොරොන්දු උණේ....මේ තමුසෙ බලා ගත්තු හැටිද.... කුමාරයත් එක්ක ලව් කරන්න ගියාම තමුන්ට මෙච්චර කල් බලාගත්තු අපිව අමතක උනාද....බලනවා බනී....තමුසෙ ....තමුසෙ නිසා තමා මේ හැමදේ ම....මගේ පපා... ඇදක් උඩ.... හුස්ම අදින්නේ .....අද තමුන් නිසා...."

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now