💚 Chapter 3 ❤️

1.2K 221 90
                                    

ඇස් අහකට නොගෙනම බලන් හිටපු යීබෝගේ ඉහමොළ රත්වෙන්න ගත්තෙ කොල්ලෙකුට තුරුලු වෙලා හෙමින් ඇවිදන් එන ඒ කෙල්ල වෙන කව්රුත් නෙමේ හෙට අනිද්දා තමන්ගෙ වෙන්න ඉන්න, මනමාලි කියලා දැක්කමයි..

බනී ත් චිනුත් දිහා බලන් හිටපු යීබෝගේ අත ඉබේටම ගියේ සාක්කුවේ තිබුණු phone එකට.phone එක අතට ගත්තු යීබෝ phone එක පීර පීර photo එකක් හෙව්වා.ටික දවසකට කලින් නොදන්න නම්බරෙකින් ආව photo එක දිහාත්,චින් බනී දිහාත් යීබෝ කීප සැරයක්ම මාරුවෙන් මාරුවට බැලුවා.

මේ වෙලාවේ චින්ව තුරුල් කරන් ඉන්න කොල්ලා වගේම තවත් පිරිමි ළමයෙක් එක්ක ,චින් හරි සතුටින් හිනා වෙවී phone එකේ ඉදන් යීබෝ දිහා බලන් හිටියා.

මුලින්ම photo එක දැකපු වෙළේ යීබෝ එක බැල්මෙන්ම ඒ ගැන නොසලකා හැරියෙ එක කොල්ලෙක් වෙනුවට දෙන්නෙක් එක තැන හිටපු නිසා යාලුවො වෙන්න ඇති කියලා හිතන ගමන්..තරහා කාරයෙක් ඉරිසියාවට කරපු දෙයක් කියලා හිතපු යීබෝ ඒ ගැන අමතක කරලා දැම්මා.

නමුත් මෙ මොහොතෙ ඇස් ඉස්සරහා දකින්න තියෙන දර්ශණෙත් එක්ක, photo එකේ හිටපු තුන් දෙනාම තමන්ට අවඤ්ඤාවට හිනා වෙනවා කියලා යීබොට හිතුණා.ඒ අස්සෙ පපාගේ නින්දා සහගත වචන ආයි ආයි ඇහෙනවා වගේ දැනුණා.කැමැත්ත හෝ අකමැත්ත මොකක් උණත්,කසාදය කියන බැඳිම තදින්ම විස්වාස කරපු යීබෝ,චින් තමන්ගෙ අනාගත බිරිද කියන එක මේ වෙනකොටත් පිළිඅරන් තිබුණා.ඒ අතර චින් තමන්ව මඟ අරින වාරයක් පාසා ටිකින් ටික බිද වැටුණු යීබෝගේ අභිමානේ මේ මොහොතේ බිමටම කඩා වැටුණා .

කවදාවත් කිසිම කෙනෙක් ඉදිරියෙ හිස නමපු නැති යීබෝ තමන් ගැනම ලජ්ජාවට පත්වෙද්දී,චින් හිතා මතාම තමන්ව හෑල්ලුවට ලක් කරා කියලා හිතෙද්දී ,කේන්තියෙන් පුපුරන ගමන් අඩියට දෙකට චින් ඉන්න තැනට ගියේ හුළඟක් තරම් වේගයෙන්..

ගිය වේගෙන්ම චින් එක්ක හිටපු පිරිමි ළමයාව අතින් ඇදලා අරන් ,ඇඟේ තිබුණ මුළු ශක්තියම අතට එකතු කරන ගමන් කම්මුල් පාරක් දුන්නා. චින් තමාව රැවට්ටුවා කියන හැඟීමත් එක්ක ආපු කේන්තිය ට කෙල්ලෙක්ට පහර දෙන්න බැරි කමටම යීබෝ ඒ කේන්තිය බනී ගෙන් පිට කරා.

තමන්ගෙම පහරේ සැරට යීබොත් කම්පනේ වෙලා යද්දී ,කේන්තියෙන් පිරුණු බනීගේ ඇස් දෙක යීබෝ දිහාවට හැරුණේ,කවුරු උණත් නොහිතපු වෙලාවක පහර දීපු කෙනාට පෙරලා පහර දෙන්න අතකුත් උස්සන ගමන්...

කේන්තියෙන් පුපුර පුපුර තිබුණත්,හා පැටියෙක් වගේ අහිංසක ඒ මූණ දැකපු ගමන් අමුතුම හැඟීමක් එක්ක ,තමන්ගෙ පහර සැර වැඩිදෝ කියලා යීබොට පසුතවීමක් දැනෙනවාත් එක්කම,කේන්තියෙන් පිරුණු බනීගේ ඇස් දෙකත් වෙනස්වෙන්න ගියේ සුළු මොහොතක්.උස්සපු අත ආයීමත් පහලට වැටෙද්දී බනී කටත් ඇරන් යීබෝ දිහා බලන් හිටියා....

යන්තමින් සිහි එළවගත්තු චින්,ඉකමනින් මේ දෙන්නට ලං වෙලා ,දුර්වලව උස්සගන්නවත් බැරිව තිබුණු අතක් උස්සලා යීබෝව බනීගෙන් ඈතට තල්ලු කරා.චින්ගේ අතේ පහර යීබොට දැනෙන්න තරම්වත් ප්‍රමාණවත් නොවුණත් ,බනී ගෙ ඇස් හමුවේ වියැකිලා ගිය කේන්තිය ,සීමාවටත් එහා ගිහිං ආපහු එළියට එන්න චින්ගේ ඒ ක්‍රියාව හේතුවක් උණා.

චින්ව පැත්තකට තල්ලු කරපු යීබෝ, තවමත් පුදුමෙන් වගේම අමුතුම විදිහකට තමන් දිහා බලන් ඉන්න,බනීගේ කොලර් එකෙන් ඇදලා ගන්න ගමන් ,බනී ට නොනවත්වා පහර දුන්නා...

දරන්න බැරි තරම් යීබෝගේ පහරවල් සැර උණත්,තොල් පට පුපුරලා ලේ ගලද්දීත්,මුණේ තැනින් තැනට ලේ පිරෙද්දීත්,ඒ පහරවල් වදින්නේ තමාට නෙමෙ වගේ එකදිගට පහර කමින් හිටපු බනී පෙරලා පහර නොදුන්නා විතරක් නෙමෙ ,ඇස් අහකට නොගෙන යීබෝ දිහාම බලන් හිටියෙ දිලිසෙන ඇස් දෙකක් එක්ක හිනාවෙන ගමන්...

මතුසම්බන්ධයි...
👩‍💻 dil

🪁🪁🪁🪁
වස්තුලා කතාව හොදයිද කියන් යන්න හොඳ ද 🤗.මන් ඔයාලගෙ comment වෙනුවෙන් බලන් ඉන්නවා🙃.අඩු පාඩු තියේ නම් පෙන්නලා දෙන්න.ප්‍රස්න තියේ නම් අහන්න.ඔයාලගෙන් එන ප්‍රතිචාර තමා ලියන්න තියෙන හොදම උත්තේජකේ.🥰🥰🥰
ටයිපින් මිස්ටෙක් නම් ඇති. කතාවට බාධාවක් නොවෙයි කියලා හිතනවා.හෙමිට එවා හරිගස්සන්නම්.
මුල ඉදන්ම comment වලින් vote වලින් මට හයියක් වෙන හැමෝටම ගොඩක් thanx 😘😘😘 මන් එක්ක දිගටම ඉන්න කියලා ඉල්ලනවා ආදරෙන් ❤️❤️❤️

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanHikayelerin yaşadığı yer. Şimdi keşfedin