💚 Chapter 24 ❤️

830 172 117
                                    

බිත්තියට අත තියලා දෙකට නැමුණු යීබො අනික් අත අරන් වේදනාවෙන් පපුව මිරික ගත්තා...එළියට එන්න දඟලන ඉකිය මැඩගෙන පඩිපෙළ දිගේ පහළට දිව්වා....

💔අදහන්න බෑ කදුළක්ද ආදරේ.....

චෙන් එක්ක කෝල් එකේ හිටපු බනී ට යීබෝගේ car එක ඇවිත් අනිත් අතට පිටවෙලා යන සද්දෙ ඇහුණේ නෑ....චෙන් එක්ක කාලෙකට පස්සේ සෑහෙන වෙලාවක් කතා කරපු එකෙන් බනීගේ හිතට ලොකු සහනයක් දැනෙද් දි තමන් කෝල් එකේ ඉන්න අතරෙ යීබෝගෙන් ඇමතුම් කීපයක්ම ඇවිත් තියෙනවා බනී දැක්කා.ආපහු යීබොට කෝල් කරත් phone එක off කරලා තිබුණා....

'මඟ එනවා ඇති'

'ආයි නම් කොහොමවත් එයාට මාව මඟ අරින්න බෑ...'

'මන් මේ තරම් අමාරුවෙන් ඉන්නවා දැක්කම හිත රිදෙයිද දන්නේ නෑ...'

'ෂිට් මෙහෙම අමාරුවක්...එයා තියා මටවත් හිතුණේ නෑ...මෙහෙම වෙයි කියලා...'

හිතන ගමන්,ඉවසන්න බැරි තරම් දැනෙන බඩගින්නත් ඉවසන් ,නැගිටින්න ශක්තියක් නැති නිසා බිමම ඉදන් ඇඳට හේත්තු උණු බනී නොඉවසිල්ලෙන් බලන් හිටියෙ යීබො එනකම්....

මැරි කරපු දවසෙ ඉඳන් දැනන් හිටපු,තමන්ට හැමවෙළේම රිද්දපු යීබොට වඩා මීට පැය කීපෙකට කලින් ඇස් වල කදුළු පුරවන් ආදරේ කියපු යීබෝව බනී විස්වාස කරා....ඒ ආදරණිීය යීබොට,තමන්ව ආදරෙන් තුරුලු කරගත්ත යීබොට තමන්ව මඟ ඇරලා ඉන්න බෑ කියලා විස්වාස කරපු බනී වෙනදා වෙලාවට කලින් තමන් වෙනුවෙන් යීබෝ එයි කියලා ඇදට හිස තියන් සිවිලිම දිහා බලාගෙන කල්පනා කරා....

අධික තෙහෙට්ටුව නිසාම බනීට ඒ ඉරියව්වෙන්ම නින්ද ගියා....
.
.
.
.
මුළු ලෝකේම දෙපා මුල කඩා වැටුණා වගේ ගෙදරින් එළියට ආපු යීබෝ බලන් ඉන්න කෙනෙකුගේ හදවත ගැනෙන තරම් වේගෙන් car එක රිවස් කරලා ගේට්ටුවෙන් එළියට ගත්තා...හිතට දහිරිය අරන් අඩියටම පාගලා ටික දුරක් ගියත් බොද උණු කදුළු අතරින් පාර නොපෙනි යද්දී සද්දෙට බ්රේක් පාරක් ගහලා car එක පාර අයිනෙන් නතර කරා....

"බනී ඇයි දෙයියනේ මට මෙහෙම කරේ....අන්තිමේ මන් හිත හදාගන්න කම් ඉදලා ඔයාට ආදරේ කියනකම් ඉඳලා ඇයි මට මෙහෙම කරේ....."

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now