💚 Chapter 5 ❤️

1.1K 196 75
                                    

එදා ඒ වෘකයන් නිසා ඇති උණ බය ,බල්ලෙක්ටවත් මුහුණ දෙන්න බැරි තරමට යටි හිතේ තැන්පත් වෙද්දී,ඒ බය හැමදාමත් බනීගේ දුර්වලකම උණා.

අවුරුදු ගාණක් ගෙවුණු මේ මොහොතෙත් ඒ බය බනීව සසල වෙන්න හේතුවක් උණා.සද්දෙට බුරා වැටෙමින් දත් විලිස්සන බල්ලාත්,ඒ ඉදිරියෙ දණින් වැටිලා අඬන පිරිමි ළමයත් දැකපු හුඟ  දෙනෙකුට ඒක විහිළුවක් උණේ ,මේ තරම් ලොකු කොල්ලෙක් බිම වැටිලා අඬන්න තරම් බල්ලෙක්ට බයද කියලා හිතෙද්දී...

මහ විශාල බයක් පිරිමි ළමයගෙ මූණේ තිබුණත්,බල්ලව මඟ ඇර නොයා එතනම හිටපු එක තවත් අයකට ප්‍රස්නයක් උණා.කොහොම උණත් නපුරු බල්ලගේ මූණ දැක්කම උදව් කරන්න හිතුණත් තවත් පිරිසක් හිතා මතාම මඟ ඇරලා .

මේ අතරෙ බනීව කරදරේ දාලා නොනැවතීම දුවපු ,පිරිමි ළමයින්ගේ පස්සෙන් පන්නන් ආපු අනෙක් ළමයා දුවන ගමන්ම ඇස් කොනින් බලන ගමන්, බනීව පහු කරන් ටික දුරක් ගියත්,එකපාරම මඟ නැවතුණේ දුර තියාම සම්පූර්ණ සිදුවීම දැක්ක නිසයි. පසුපස නොබලාම දුවන අනිත් පිරිමි ළමයි දෙසත් දෙපා දරදඬු වෙලා එක තැන හඬා වැටෙන බනී දෙසත් මාරුවෙන් මාරුවට බලලා නිහඬවම බනී ළගට කිට්ටු උණා.

හිමින් සීරුවෙ දම් වැල අතට ගත්තු ඔහු
ළඟ තිබුණු කණුවක බල්ලව ගැට ගැහුවා.හිනාවක්වත් නැති කඩදාසියක් වගේ මූණකුත් එක්ක බනීට කිට්ටු කරපු ඔහු බනී දිහාවට අතක් දිගු කරා.හැමෝම අහක බලපු වෙලාවේ තමන්ගෙ උදව්වට ආපු හිනාවක්වත් නැති මූණ බනීගේ හදවතේ පතුළේම තැනකට අමුතු හැඟීමක් ගේනවත් එක්කම බනීගේ බය නැති වෙලා ගියා.

කලු පාට අයිස් cap එකට යටින් පේන තරු කැට වගේ ඇස්  දෙකේ මොහොතක් අතරමන් උණ බනී ඔහුගේ අත අල්ලන් නැගිටින්න හැදුවත් ,බල්ලගේ දත් වලට තුවාලවෙලා වගේම තාමත් දරදඬු වෙලා තිබුණ දෙපා ඔහුට අවනත උණේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කලු පාට අයිස් cap එකට යටින් පේන තරු කැට වගේ ඇස්  දෙකේ මොහොතක් අතරමන් උණ බනී ඔහුගේ අත අල්ලන් නැගිටින්න හැදුවත් ,බල්ලගේ දත් වලට තුවාලවෙලා වගේම තාමත් දරදඬු වෙලා තිබුණ දෙපා ඔහුට අවනත උණේ නෑ.වේදනාවෙන් පිරුණු කෙදිරියක් එක්ක බනී ආයීමත් බිම ඉන්ද වෙද්දි,හැඟීමක් නැති මූණෙන්ම බනී දිහා බලන් හිටපු පිරිමි ළමයා කතාවක් නැතිවම බිමට නැමිලා,බනීව තමන්ගෙ පිටට අරන්  ආයීමත් නැගිටලා පාර දිගේ හෙමිහිට ඉදිරියට ගියා...

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now