💚 Chapter 20 ❤️

932 184 105
                                    

බනී හිතන්නත් කලින් බනීව පෙරළගත්තු යීබෝ  පිස්සුවෙන් වගේ බනී ගෙ තොල් අල්ල ගත්තෙ ආයිත් අත් නොඅරින්නම වගේ.....

අහරෙන්නේ කොයි වෙළේද කියලා බලන් හිටපු ගිනි කන්දක් හිටි හැටියේ පුපුරලා ගියා වගේ දෙන්නම උපරිමයෙන් නොසන්සුන් වෙලා හිටියා.තාමත් උදේ ඇදන් ගියපු ඇදුම පිටින් හිටපු යීබෝගෙන් දැනුණ දාඩිය සුවදට බනී ඉවකරේ ආත්මයම පුරවාගන්න වගේ වෙද්දී මේ හැම මොහොතක්ම හැම තප්පරයක්ම දැනුණ හැම රසයක්ම එකට ගුලි කරලා අරන් හදවතේ ගැඹුරේම හංගාගන්න පුළුවන්නම් කියලා  බනී හැමදේම අතරින් හිතුවෙ යීබෝගේ හදිසි වෙනස් වීම් හොද හැටි අකුරු කරලා තිබුණ නිසා....

ගෙදර බෙල් එක නොනවත්වා නාද වෙනවා කීප සැරයක්ම  දෙන්නටම ඇහුණත් දෙන්නාගෙන් කෙනෙකුටවත් එකිනෙකාගෙන් වෙන් වෙන්න හිත හදාගන්න බැරි උණා.

අන්තිමේදී බනීගේ තොල් වලින් දැනුණු ලේ රහත් එක්ක යීබෝ අකමැත්තෙන් උණත් බනීගේ තොල් අත ඇරියා....

"මං එන ගමන් කෑම oder කරා...."

ඇඳෙන් නැගිටින ගමන් ඇදුම  හදාගත්තු යීබෝ බනීගෙන් වෙන් උණේ නම් කැමැත්තකින් නෙමෙයි වෙද්දි, දොරෙන් එළියට යන ගමන් දොර උලුවස්ස ගැලවෙන්න තරම් සැර පයින් පාරක් ගහන හැටි බනී බලන් හිටියෙ පුදුම වෙලා....

'ඒ පාර මොන යකෙක් වැහිලද මේ මිනිහට....'
'ඉන්නෙ නම් උපාසකයා වගේ....ඒ උනාට සැර බලහල්ලකෝ....'

යිබෝ යනකං ඉදලා තමන්ගෙ තොල් දෙකට ඇගිලි ගෙනියපු බනී හිතුවෙ ඇගිලි පුරා රුධිරය තැවරිලා තියෙනවා දකිද්දී....

'අදින් පස්සෙ මාව මඟ අරින හැටි බලමු....මෝඩ බෝ.... බෝ...ඔයාට මාව නැතිව බැරි වෙයි....'

මොහොතක් ඇඳ උඩටම වෙලා ඉඳන් සුසුමක් හෙළපු බනී ඇදෙන් බිමට පැනලා පහලට දිව්වා....

බනී යනකොටත් යීබෝ පිඟන් මේසෙට තියලා තිබුණා....ෂර්ට් එකේ අතුත් ඉහලට අරන් මොකුත් නොවුණ ගාණට මේසේ ලෑස්ති කරන යීබෝ දිහා බනී බලන් හිටියෙ හරි ආදරෙන්.

'දාඩිය දාලා ටිකක් කළුවෙලා මහන්සි පාටට තියෙන කොටත් ඒ මූණ හරි ලස්සනයි....'

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now