💚 Chapter 7 ❤️

995 199 53
                                    

බනී ඔව් කියලා ඔළුව වනද්දී චින් කතා කරේ ඉකියකුත් එක්ක ඇස් දෙකෙන් කදුළු කඩා වැටෙද්දී....

"ඒ යීබෝ..."

චෙන් චින් ආදර කතාවට අවුරුදු 3ක් ගෙවෙද්දී දෙපැත්තෙන් එක ගෙදරකටවත් මේ ගැන රහසක් උණේ නෑ.කලබලේට එක පැත්තකින්වත් මේ ගැන විවුර්තව කතා නොකරත්,දෙපැත්තෙන්ම අකමැත්තක් තිබුණෙත් නෑ.සල්ලි බලය තත්වය අතින් බැලුවත් ඒ දෙන්නා එකිනෙකාට හොදින් ගැළපුණා.

ඒත් මේ හැමදේම වෙනස් උණේ නොහිතපු වෙලාවක නොහිතපු වේගෙකින්. යීබොගෙ පපා චින්ට විවාහ යෝජනාවක් ගෙනාවේ චෙන් චින් සම්බන්ධය දැනගෙනමයි.චෙන්ගේ පපා ෆෙමින්ග් ලබන පුංචි දියුණුවක්වත්,මොකක්දෝ නොදන්න හේතුවක් නිසා යීබොගෙ පපා වැන්ග්ට බලන් ඉන්න බැරි උණා.ව්‍යාපාරික උණත් පුද්ගලික දෙයක් උණත් ඒ හැම තැනදීම නොවරදවාම ෆෙමිංග්ට ප්‍රස්නයක් ඇති කරන එක වැන්ග්ගෙ විනෝදාන්ශයක් වගේ උණා.

ෆෙමින්ග් චෙන් චින් සම්බන්ධය දැනගෙනම නොදන්නවා වගේ හිටියේත්  තමන් ඒ ගැන උනන්දු නොවන තාක් ඒ ගැන වැන්ග් දැන නොගනීවි කියන විස්වාසෙන්.එත් හැමෝගෙම අවාසනාවට වැන්ග් මේ ගැන දැන ගත්තා විතරක් නෙමෙ චින්ට විවාහ යෝජනාවක් අරන් යන්නත් ඉක්මන් උණේ ෆෙමිංග්ට තමන්ගෙ තීරණේ ගැන පසුතැවීමක් ඇති වෙද්දී.මේ තරම් කල් වැන්ග් කරන කියන හැමදේම උපේක්ෂාවෙන් ඉවසන් හිටියත්,තමන්ගෙන් ප්‍රමාණවත් නොවී තමන්ගෙ දරුවන්ගෙනුත් පලිගන්න හදන වැන්ග් ගැන ෆෙමින්ග් කල්පනා කරේ ලොකු කලකිරිමක් එක්ක.

චින්ගේ පපා වෙන්,තමන්ගේ දරුවගෙ කැමැත්තට සම්පූර්ණ ගරු කරා උණත්,වැන්ග්ට විරුද්ධවෙලා ඔහුව තරහා කරගන්නත් වෙන් ඇත්තටම බය උණා. වෙන් හිටියෙ ජීවත් වෙන දවස් ගණන අඟිල්ලෙන් ගණන් කරන්න පුළුවන් තත්වෙක වෙද්දී ,තමන්ගෙන් පස්සෙ තමන්ගෙ ආයතනයේ වගේම එකම දියණියගේ වගකීම ගැන වෙන්ට විස්වාස කරන්න පුළුවන් උණේ තමන්ගේ සේවකයන්ව විතරයි.තමන් ඉන්න තත්වයත් එක්ක දියණියගේ විවාහය ඉක්මන් කරන්න වෙන් ට උවමනා උණත්,චින් එක්ක විවාහයත් එක්ක චින්ගේ සැමියා වෙන කාට උණත් දරන්න තියෙන වගකීම් වැඩි නිසාම ,චෙන් ගැන විවාහ යෝජනාව අරං යන්න ඉක්මන් නොවුණේ චින්ගේ වගකීම බලෙන් පැටෙව්වා වගේ හැඟීමක් ජියෑන්ග් පවුලට ඇති වේවි යන බයෙන්.

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWo Geschichten leben. Entdecke jetzt