💚 Chapter 21 ❤️

Start from the beginning
                                    

මේ අතර වෙනදා වගේම බනී යීබොත් එක්ක කාලය ගත කරත් ඉස්සර කොච්චරක්වත් තමන්ගෙ ඇගේ වෙලි වෙලි තමන්ව අපහසුවට පත් කරපු බනී දැන් ,අහම්බෙන්වත් තමන්ව ඇගේවත් නොගෑවෙන විදිහට පරිස්සම් වෙනවා කියලා යීබොට දැනිලා තිබුණා....

මුලින් බනී ගෙ හැම ස්පර්ශයක්ම කොයි විදිහෙන් හරි මඟ අරින්න බලපු යීබෝ ,බනී ගෙ උණුසුම යන්තම් වත් විදින්න,බනීගෙන් එක ස්පර්ශයක් හරි ලබන්න, දඟකාර විදිහට ලැබෙන එක සිප ගැනීමක්වත් ආයි ලබන්න මඟ බලන් හිටියත් ඒක හීනයක්ම වෙද්දී තමන්ගෙම අනුවණ කම් මතක් වෙනකොට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න වත් යීබොට දහිරියක් තිබුණෙ නෑ.....බනීගේ උණුහුම යීබෝගේ හිතේ එක පැත්තක් කෑ ගහලා ඉල්ලද්දී අනිත් පැත්ත බනී ගෙ වෙනස් වීම ගැන සතුටු උණා....

කලින් ඇඳ පුරා කකුල් අතපය දිග ඇරන් නිදහසේ නිදියපු බනී දැන් පුංචි බෝලයක් වගේ ගුලිවෙලා නිදියන පුරුද්දක් පටන් අරන් තියෙද්දී විටින් විට
රෑ මැද ගැස්සිලා අහැරෙන්නත් උණා .ඒ බොහෝ වෙලාවට නිදි නැතුව බනී දිහා බලන් ඉන්න යීබෝගේ තට්ටුවකින් බනී ආයිමත් නින්දට වැටුණා....අදත් ඒ වගේ දවසක් වෙද්දී ආයිමත් සනසලා නිදි කරවන්න යීබො ළඟ හිටියෙ නැති නිසා බනීට ඇහැරුණා....

නිදි බර ඇස් යාන්තං ඇරපු බනී ළඟ තිබුණු බෝතලේ අරන් වතුර බීගෙන බීගෙන ගියේ ඇග තෙත් වෙන තරම් දාඩියකුත් දාලා කියලා දැනෙද්දියි....
ඇඳ දිහා බලපු බනී,යීබෝ ඇඳෙ නැති බව දැක්කා....

'අදත් යන්න ඇති...'

බනී හිතුවෙ සුසුමක් හෙළන ගමන්.යීබෝ බනී දන්න බව නොදැන හිටියත්, සමහර දවස්වලට නිදි නැතිව ඇඳෙ එහෙ මෙහෙ පෙරළි පෙරළි ඉන්න යීබෝ මහ රෑ මැද නැගිටලා අල්ලපු කාමරේට ගිහිං නිදාගෙන,තමන් අවදිවෙන්න කලින් ආයිමත් ඇවිත් තමන් ළඟ නිදියන බව බනී හුග කාලෙක ඉඳන් දැනන් හිටියා....

හිස් බැල්මකින් යීබෝ නිදියන කෙළවර දිහා බලන් හිටපු බනී ඇදෙන් නැගිට්ටේ බාත් රූම් එකට යන්න වෙද්දී,බාගෙට ඇරුණු දොරත් එක්ක කළුවරේ තිබුණ බාත් රූම් එකෙන් ඇහුණු සද්දේට ගැස්සිලා ගිය බනී දොර බෝලෙත් අල්ලන් එතනම නතර උනා....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now