💚 Chapter 16❤️

Start from the beginning
                                    

"යීබෝ....මෝඩ යීබෝ....තමුන් කවද්ද මනුස්සයෙක් වෙන්නේ....ඔව් තමුන් හරියට රොබෝ කෙනෙක් වගේ....හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් වගේ....හැමවෙළේම මාව අවුස්සලා පැනලා යන මෝඩ ඌරා....තමුන් ගෙදර එනවාකො.මන් බලාගන්නම් තමුන් ගැන...."

කොට්ටෙට පහර දෙමින්,අඟිල්ලෙන් අනිමින් බනී තමන්ගෙම ලොකෙක අතර මන් උණා....

බැරිම උනාම යැන්ලි අක්කට හරි චෙන්ට හරි තමන්ගෙ දුක කිය කිය හුරතල් උණා....යීබෝ තමන්ගෙ කරගන්න එක ගැන හීන මැව්වා....

හවස් වෙනකොට යීබොට කෑම ලෑස්ති කරලා නා ගෙන පිරිසිදු වෙලා යිබෝ ගෙදර එනකං බලන් හිටියා....

පාළුවෙන් ගෙවුන දින ගණනකට පස්සෙ වැන්ග් දවසක් බනී ට කතා කරා.

"පුතා පාඩම් කරනවද...."

"ඔව් පපා..."

"පාළුවෙන්ද ඉන්නෙ....යීබෝ එක්ක office එන්න...පොත් අරන් එන්න මෙහෙ ඉඳන් පාඩම් කරන්න....පාළුවත් නැති වේවි....අනික ඔයත් මේ පරිසරේට හුරු වෙන්න ඕන...."

ෆෙමින්ගේ නිවසේ තිබුණු බනී ගේ බඩු ඔක්කොම සේවකයෙක් අතේ ෆෙමින්ග් එවලා තිබුනා.වැන්ග් ගේ ඉල්ලීම මත බනී තමන්ගෙ cv එකක් වැන්ග්ට මේ වෙනකොටත් යවලා තිබුණා වෙද්දී බනීගේ  වයසත් එක්ක බනී ලබාගෙන තිබුණු සුදුසුකම් ගැන වැන්ග් පුදුම උණා.යීබොත් එක්කම වැඩ කරන්න වැන්ග් බනීට කතා කරත්,උපාධියේ වැඩ ඉවරකරගෙන එන පොරොන්දුව පිට බනී වැන්ග් ගෙන් කල් ඉල්ලගත්තා.

ඉතිං ඒ අතර වැන්ග් දිීපු ඇමතුම පාළුවෙන් හිටපු බනී ට ඉබ්බා දියට දැම්මා වගේ වෙද්දී මොහොතක් වත් පමා නොකරපු බනී ඒ මොහොතෙම සූදානම් වෙලා යීබෝගේ office එකට ගියා.

බනීව office එකෙදි හිටි හැටියේ දැකපු සේවකයෝ බනී දිහා බලන් හිටියෙ පුදුම වෙලා . බනී හැමදාම දැනන් හිටියා වගේ ළෙන්ගතු කමකින් හැමෝටම ආචාර කරන ගමන් යීබො හොයන් ගියේ තමන්ගෙ නපුරු බොස්ට අයිති වෙලා තිබුණු මේ අහිංසක හා පැටියා ගැන බලන් හිටපු අයගෙ හිත් වල දුකකුත් ඇති වෙද්දී....

යීබෝගේ room එක හොයාගත්තු බනී හොරෙක් වගේම රහසින් ඇතුලට යනකොට වීදුරු ජනෙලෙන් ඈත බලාගත්තු යීබෝ හිටියෙ කෝල් එකක වෙද්දී බනී සද්ද නැතුවම යීබොට කිට්ටු උණා.යීබෝ කතාව ඉවරවෙලා හැරෙන කොටම බනී යීබෝව බදා ගත්තා.

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now