'කලින් කියන්න තිබුණා...'
බනී හිතුවෙ කලකිරීමෙන්."මන් හදපු කෑමත් කනවා...."
බනී කිව්වෙ කේන්තියත් දුකත් පාලනේ කරන් වෙද්දී යීබෝ මේසේ උඩ තිබුණු අනිත් කෑම දිහා බලන්නෙම නැතුව තමන්ගෙ ආහාරය ගත්තා....
"හොදයි.... මන්ම කන්නම් මෝඩයා....ඉලඟ දවසෙ කලින් කියලා ඉන්නවා....."
කෑම කාලා ඉවරවුණු යීබො මුලින් උඩට යද්දී,තරහට හදපු කෑම ඔක්කොම තනියම කාපු බනී පහු වෙලා උඩට ගියා.බනී යනකොටත් යීබො නිදි වගේ ඉද්දී අද දවස වෙනුවෙන් යීබොට ස්තූති කරන්න ආපු බනී නිහඬවම යීබෝ දිහා මදක් බලන් ඉදලා බාත් රූම් එකට ගියා.....
දවස් තුනක් නිවාඩු පිට හිටපු යීබොට බනී ත් සමගින් දවස ගෙවා ගන්න එක ලොකු අපහසුවක් උණා.හැකි සෑම විටම බනී ව මඟ අරින්න හැදුවත්,ඉදිකටුව පස්සෙ නූල වගේ උණු බනී එක්ක ඒ දෙනම් කොයි විදිහෙන්වත් කල නොහැකි දෙයක් උණා.මඟ ඇරපු වේල් කීපෙකට පස්සෙ බනී යීබොට කෑම හදන එක නතර කරේ කෑම අපතේ යන නිසාම වෙද්දී යීබෝගේ තේ එක භාගේ සීමාව පහු කරද්දී කොහෙන් හෝ කඩාපහත්වෙලා තේ එක උදුර ගන්න වැඩෙ නම් මඟ ඇරෙන්න බනී ඉඩදුන්නේ නෑ වගේම,යීබො කෑම හදනකම් ළඟ ඉදන් කුරු කුරු ගාණ එකත් බනී ට පුරුද්දකට ගියා....
මේ හැමදේම අතරෙ බනී ගෙ හැසිරීම යීබොට ප්‍රහෙලිකාවක් උනා.තමන්ගෙ උවමනාවට බලෙන් අමාරුවේ දාපු බනී තමන්ව දැඩිව ප්‍රතික්ෂේප කරයි,තමන්ව දැඩිව පිළිකුල් කරයි කියලා,තමන්ට දැඩිව වයිර කරයි කියලා යීබෝ බලාපොරොත්තු උණා.... ඒත් යීබෝව පුදුම කරමින් හැමදේම විරුද්ධ අතට සිද්ධ වෙමින් තිබුණා වෙද්දී,බනී ගෙන් ඒ ගැන දෝසාරෝපණයක්වත් නැති එක යීබොට ලොකු ප්‍රස්නයක් උණා....
'එයා මොනවාම හරි සැලසුම් කරනවා ඇති....මගෙන් පලිගන්න ලෑස්ති වෙනවා ඇති....'
යීබො තමන් එක්කම තරහින් කල්පනා කරේ තමන්ගෙ ඇස් වගේම හැඟීම් මේ දින කීපෙටම බනි ළඟ අතරමං වෙන වාර ගණන වැඩි වෙන එක ගැන තමන්ටම ශාප කරමින්...
තුන් වෙනි දවසෙ රෑ ඇඳට ආපු යීබෝ තමන්ගෙ පාඩුවේ phone එක ඔබ ඔබ හිටියෙ මේ කාමරේ තවත් කෙනෙක් නැතුව වගේ වෙද්දී බනී නිහඬවම සෑහෙන වෙලාවක් යීබො දිහා බලන් හිටියා....හැමදාමත් හීනෙන් පවා දැක ගන්න පතපු ඒ මූණ, අහම්බෙන් එහෙ මෙහෙ දුවන ඇස්, දුටු ගමන් සිප ගන්න හිතෙන ඒ තොල් ,පුරුදු කහ පාට නැති උණත් සිනිදුවට නළලට වැටුණ කෙහෙ රැලි බනී ව වෙන ලොකෙක අතරමං කරලා තිබුණා....
YOU ARE READING
💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhan
Fanfictionසිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ..." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ...
💚 Chapter 15 ❤️
Start from the beginning