💚 Chapter 12 ❤️

Start from the beginning
                                    

තමන් කරපු වැරැද්දේ බරපතලකම ටිකින් ටික තෙරෙද්දී යීබොට ඉවසුම් නැතිව යද්දී පපා බනී කුවාන් හැමෝම දිහා බලන ගමන් උඩ තට්ටුවට දිව්වා...

හැමදේම ඉවසීමෙන් බලන් හිටපු බනී කෑගහලා අඬන ගමන් බිම ඉදගත්තේ හිස කෙස් වලින් ඇද ගන්න ගමන්...

"මං... මං මොකක්ද දෙයියනේ මේ කරගත්තේ...."

වැන්ග් වගේම කුවාන් බනී ළඟට කිට්ටු උණේ ඇස් වල කදුළු පිරෙද්දී....ගලක් වගේ තිබුණු වැන්ගෙ හිතත් බනීගේ අහිංසක කමත්,බනීට උණු අසාධාරණෙත් දකිද්දී උණු වෙලා තිබුණා. බනී ළඟ බිම දනගහ ගත්තු වැන්ග් බනී ගෙ හිස අතගාන ගමන් කතා කරද්දි කුවාන් යිබෝ බලන්න පියගැට පෙළ නැන්ඟා.

"මට සමාවෙන්න පුතා...මේ හැමදේම මගේ වැරැද්ද...මගේ දරුවා මනුස්සයෙක් වෙන තරමට ආදරේ කරන්න මට බැරි උණා...

මමා නැති උනාට පස්සෙ එයා වෙනස් උණ හැටි මං දැක්කත් එයාට වෙනස් වෙන්න දිලා මං බලා හිටියා....එයාට ඕනා ඕනා විදිහට තනිවෙන්න මං ඉඩ දුන්නා....

මගේ පලිගැනීම් වලට මගේ දරුවා වත් වෙන කෙනෙක්ගෙ දරුවෙක්වත් ගාවගන්නෙ නැතුව ඉන්න තිබුණා....

යීබොට මන් වගේ වෙන්න ඉඩ නොදෙන්න තිබුණා....

එහෙනම් අද මේ කිසි දෙයක් මෙහෙම වෙන්නේ නෑ....

පැත්තක හිටපු ඔය දරුවාට මෙහෙම අසාධාරණයක් වෙන්නේ නෑ...."

බනී ගෙ හිස අතගාන ගමන් වැන්ග් හඬා වැටුණේ ජීවිතේ පළවෙනි වතාවට බනී ගෙ කදුළු ඉස්සරහා තමන් කරපු වැරදි අවබෝධ වෙද්දී....

"පපා...පපා වැරදි නෑ....

යිබෝ වැරදීත් නෑ...මට...

මට ඕනා උණා.මට හැමදාම යිබෝව ඕනා උණා...."

තමන්ගෙ නොවුණ පපා,හැම දේටම පාර කපාපු ආත්මාර්ථකාමී පපා ,දවසක් පමණක් ඇඳිනු  යීබෝගේ පපා තමන්ගෙ කරගත්තු බනී,වැන්ග්ව වැලඳ  ගන්න ගමන්  කිව්වේ තමන්ගෙ දරුවෙක් ළඟවත් නොදැනුණු සෙනෙහසක් වැන්ග්ට ජීවිතේ පලවෙනිපාරට බනී ගෙන් දැනෙද්දී වෙනකොට, වන්ග් බනී කියපු දේ තේරුම් ගන්න උත්සාහ කරා.

අහම්බෙන් උණත් වැරැදීමකින් උණත් අද දවසෙ උණ හැමදෙ ගැනම වැන්ග් තව තවත් සතුටු වෙන ගමන්,
"ඔයා ආදරේ කරන කෙනෙක් ඉන්නවාද පුතේ...."

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now