Part 6

429 81 67
                                    

"ච.. චන්ගා..."

මගේ කටින් නොදැනීම ඒ නම පිට වුනා..

චන්ගත් මං දිහා බලං හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන...

මං එහෙම්මම අර ගෑනු කෙනා දිහා බැලුවා.. අනේ එයා හරිම ලස්සනයි. හරිම පින් පාටයි.. බෝල බංඩියත් අල්ලගෙන එයාට හරිම මහන්සි පාටයි...

මට හිනාවක් ගියා.. ඒ මං ගැනම අනුකම්පාවක් ඇති වෙලා.. මං කොච්චර ඈත් වෙලා හිටියත් මගේ හිතේ චන්ගා ගැන තිබ්බ ආදරේ දශමෙකින්වත් අඩු වුනේ නෑ වැඩි වුනා මිසක්...

එදා චන්ගා කිව්ව දේ හරියටම හරි..

කෙල්ලෙක් එක්ක කරන්න ඕන ඒවා කොල්ලෙක් එක්ක කරලා මොනවා ලබා ගන්නද.. ඇත්ත තමා...

ඒ දෙන්නා හොදට ගැලපෙනවා.. හරිම ලස්සන කපල් එකක්..

මං ආයෙත් පාරක් චන්ගා දිහාත් බලලා ඒ පැටලුන අත් දිහාත් බලලා ආපහු හැරුනේ එතනින් යන්න...

"බෝදි...."

ඒ කටහඩෙ තිබ්බෙ පුදුමාකාර සතුටක්.. ඒත් මං ආයෙ හැරිලා බලන්න ගියෙ නෑ.. දිගටම ඇවිදගෙන ඇවිත් පාරට ආවා..

"බෝ.. බෝ.. නවතින්න..."

ආයෙත් චන්ගාගෙ කටහඩ ඇහෙනකොට මට නොබලා ඉන්න බැරි වුනා...

එයා එයාගෙ වයිෆ්ව ඇතුලෙන් ඉන්දල ද කොහෙද..

ඈත ඉදං මට නවතින්න කිය කිය එනවා.. ඒ දිහා නැවතිලා බලං හිටිය මං ආපහු හැරුනා..

අනේ..... ඒත් එක්කම මං දැක්කෙ පුංචි පැංචෙක්... පුදුම විසයක් ඒ පොඩි එකාට තිබ්බෙ.. අනේ මටත් ඒ වගේ පැංචෙක් ඕන...

මං ඉස්සර කොච්චර නං හීන මැව්වද මගෙයි චන්ගාගෙයි දරු පැටියෙක් ගැන..

ඒත් අද එයා වෙන කෙනෙක් එක්ක මගේ හීනේ සම්පූර්ණ කරලා...

ඒ ගැන හිත හිත මං අර පැංචා දිහා බලාගෙන  හිටියා...

දෙයියනේ.. මේ කොල්ලා පැන්නා නේද පාරට...

පැංචාගෙ මමා කොච්චර කෑගැහුවත් මේකා නෙමෙයි එන්නෙ.. පාර මැද තියෙන මොකක් හරි දෙයක් දිහා බලං ඉන්නවා...

"බෝදි......."

ඈත ඉදන් කෑ ගහගෙන එන චන්ගා දිහා නොබලා මාත් දෙපාරක් හිතන්නෙ නැතුව පාරට පැන්නෙ ඒ කොල්ලව ඇදලා ගන්න හිතං...

𝕊𝕥𝕚𝕝𝕝 𝕎𝕚𝕥𝕙 𝕐𝕠𝕦 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now