Part 1

747 104 31
                                    

"බෝ.. බෝ... එපා...."

"මෙහාට එන්න රත්තරනේ..."

"අනේ... එපා....."

ඔයාලටත් ඇහෙනවද කෙනෙක් කෑ ගහනවා. හී... ඒ මං මෙච්චර දවසක් අහන්න ආසාවෙන් හිටිය කටහඩේ අයිතිකාරයා.

'මගෙ චන්ගා...'

අන්තිම වතාවට ඇස් දෙක පියවෙන්න කලින් මට එයාව දකින්න පුලුවන් වුනා. එයාගෙ කටහඬ අහන්න පුලුවන් වුනා. මට සතුටුයි.. කියාගන්න බැරි තරං සතුටුයි. මගේ අවසානය සිද්ධ වෙන්නෙ ගොඩක් වේදනාකාරී විදිහට වුනත් එයාව දැක්ක නිසා මට ඒ ගැන ගානක් නෑ..

මං එයා දිහා අන්තිම පාරට බලලා හිනා වුනා. ඒත් මට දුකයි.. මගේ අවසානය එයාගෙ ඇස් දෙකෙන් එයාට බලන්න වෙන නිසා.

මට දුකයි,
මං නිසා ඒ ඇස් වේදනාවෙන් පිරුණ හින්දා...

මට තරහයි,
මං ගැනම ඒ මං නිසා ඒ ඇස් වල කඳුළු පිරුණ හින්දා...

මට සමාවෙන්න..
යන්න වෙලාව ඇවිත් නං මොනව කියල කරන්න ද.. අදත් එදා වගේම ඔයාගෙ හමුවීම මට අහම්බයක්. හරියටම අවුරුද්දකට පස්සෙ අද ඔයාව මුණගැහුනත්, අදම මට ඔයාව දාලා සදහටම යන්න වෙයි කියලා මං දැනගෙන හිටියෙ නෑ මගේ චන්ගා..

ඒත් එක්කම මට දැනුනේ මාව වේගයෙන් ආව දෙයක වැදිලා ටිකක් දුර ඇදිලා ගිහින් වීසි වෙලා යනවා.. මට ඈතින් වගේ ඇහුනා මගේ චන්ගාගෙ කෑගැහිල්ල..

මගෙ ඔලුවෙන් ඇගෙන් දැනුනෙ දරාගන්න බැරි වේදනාවක්. ඒවා මට අයිති නෑ වගේ.. අනේ මට රිදෙනවා.. චන්ගා.. මට ගොඩක් රිදෙනවා.. ඔයාගෙ බෝදිට ගොඩක් රිදෙනවා. මට මේ වේදනාවෙන් ගැලවෙන්න ඕන චන්ගා..

මං දැක්කා චන්ගා මගෙ ලගට දුවගෙන එනවා. එයා අඩනවා ඇති. මට එයාගෙ මූණ පේන්නෙ නෑනේ.

'මට සමාවෙන්න චන්ගා.. මං ඔයාට ගොඩක් ආදරෙයි...'

මං හෙමීට මිමිණුවා. මං දන්නවා එයාට ඒක ඇහෙන්නෙ නැති වෙයි. ඒත් මං ඒක පලවෙනි සහ අන්තිම පාරට මට බොදට පේන එයාගෙ මූණ බලං කිව්වා. මට දැනුනෙ සැහැල්ලුවක්. මං යනවා මේ හැම වේදනාවක්ම දාලා. මෙච්චර කල් තනියම දරාගත්ත හැම දුකක්ම අදින් ඉවරයි..
.
.
.
.
.
🔰~Ama~

𝕊𝕥𝕚𝕝𝕝 𝕎𝕚𝕥𝕙 𝕐𝕠𝕦 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOù les histoires vivent. Découvrez maintenant