Part 3

381 82 28
                                    

Yibo's pov

"චන්ගෝ...."

"මගේ චගියෝ...."

ඈත ඉදන්ම මං චන්ගාගෙ නම කියලා කෑගහගෙන එයා ලගට දුවගෙන ආවා...

"බලාගෙන බෝ බෝ.. ඔහොම දුවගෙන ආවොත් වැටෙයි..."

"වැටිලා නාහෙන් අඩපන්කෝ දෙනවා පිට පුපුරන්න එකක්..."

ඒ තමයි මගේ චන්ගා.. මගේ one-sided love එක.. හී.....

අපි දෙන්නගෙ මුණගැහීම ගැන කිව්වොත්.. ඒක සිද්ධ වුනෙ මේ යුනිවසිටි එකේදීමයි.. ටෙලිඩ්‍රාමා වල ලෙක්ච එක මැද්දෙන් හැම්සන් කොල්ලෙක් එනවා වගේ එයා ලෙක්ච හෝල් එකට ආවේ නං නෑ..

අපෙ යාලුකම එතකොට මගේ one sided love එක පටන් ගත්තෙ තනිකරම පාද නමස්කාරයකින්...

ඇත්තම ඒක සිද්ධ වුන විදිහ කිව්වොත් එක මල් පිපෙන සුන්දර උදෑසනක ලෙක්ච එක පටන් ගන්න කලින් මගේ ප්‍රියතම චොක්ලට් මිල්ක්ශේක් එක පානය කරමින් පොඩි මනෝ පාරක ආව මං, මගේම කකුලේ පැටලිලා පොලව කෙලින්ද කියලා පරීක්සා කරලා බැලුවා..

එතන දුඹුරු පාට චොක්ලට් මිල්ක්ශේක් විලක් හැදුනා, ඒ විලේ ඔරියෝ බිස්කට් කෑලි අයිස්ක්‍රීම් තලි පා වුනා. වෙච්ච විලිලැජ්ජාව පැත්තකින් තියලා මං නාහෙන් අඩන්න ගත්තෙ ඒක ඒ කඩේ තිබ්බ අන්තිම මිල්ක්ශේක් එක කියලා මතක් වුන නිසා....

තාමත් ඒක මතක් වෙනකොට ඇස් වලට කදුළු එනවා.. මං බිම වැටිලා එහෙම්මම මගේ මිල්ක්ශේක් එක ගැන හිත හිත ඉන්නකොට කෙනෙක් ඇවිත් මට නැගිටින්න අත දුන්නා. හනේ දෙයියනේ මගේ හදවත....

ඔව් ඔව් වෙන කවුරුත් නෙමෙයි ඒ මගෙ චන්ගා. එදා ඉදං අපි දෙන්නා හොද යාලුවෝ වුනා. යාලුවෝ වුනා කිව්වට මං පස්සෙන් ගිහින්.. ගිහින්.. මාර කට්ටක් කාලා යාලුවෙක් කර ගත්තෙ. මාර වැඩේ කියන්නෙ අපේ පවුල් වල අයත් හොදම යාලුවෝ. එයා මට වඩා මාස හයක් වැඩිමල්. ඒකයි මං එයාට චන්ගා කියන්නෙ.
ඇත්තටම මං කල්පනා කලේ චන්ගා මගේ නහය යටම ඉදලත් ඇයි හම්බු වෙන්න මෙච්චර කල් ගියේ කියලා.. ඒක තමා *රහසින්* දෛවය...

"චන්ගෝ.. මේ..."

"කියන්න බෝදි..."

"ඩේට් එකක් තියෙනෝ.. යනවද.. අපෙ යැම්සිත් එක්ක.."

මං ඒක කිව්ව ගමන් චන්ගා මං දිහා බැලුවෙ ඇස් හීනි කරලා..

"මේ පාර මොනව වෙනුවෙන්ද මාව විකුණුවේ..."

ගත් කටටම චන්ගා එහෙම අහනකොට...

"මේ මම... ඔයාව විකුණන්න.. හහ්.. එහෙම කරනවද මේ මං.. මේ මං.. අනික මගේ චන්ගව. ම්හුක්... ඔයා මං ගැන හිතන විදිහ හරි නරකයි අප්පා..."

බලන්න... මේ මිනිහා මං ගැන හිතන් ඉන්න විදිහ....

"බෝදී...."

"පිස්සුද චන්ගා චොක්ලට් මිල්ක්ශේක් එකක් වෙනුවෙන් ඔයාව යැම්සිට දෙන්න. ඔයා මගේ පොල් පැලේනෙ..."

අනේ දෙයියනේ මේ මනුස්සයට තරහ ගිහින්...

"බෝදි ඔයා හොදටම දන්නවා මං ඕවට කැමති නෑ කියලා. මිල්ක්ශේක් ඕන නං මට කියන්න මං අරං දෙනවානේ. එක එකාගෙ වැඩ වලට ආයෙ ඔහොම කරන්න එපා හරිද. මේ අන්තිමපාර මං ඔයාට කියන..."

"සොරි චන්ගා..."

මං ඇස් දෙක බිමට බරකර ගෙන මුමුණන කොට එයා මාව බදාගත්තා.

"මං දන්නවා ඔයා මොකක් හරි කරලා ඔය ඩේට් එක විනාස කරනවා කියලා. ඒත් ළමයෝ ඔය වගේ වැඩ කරන්න එපා. පව්නේ එයාලා ම්..."

පව් තමා වෙන නැත්තං.. හහ් මෙයාටත් කොහෙවත් ඉන්න ගෑනු වෙනුවෙන් හෙන අනුකම්පාව..

"අපි අද පාක් එක පැත්තෙ යං..."

බුම්මං ඉන්න මගේ ඔලුව අතගාන ගමන් චන්ගා කියනකොට මට එතන නටන්න තරං සතුටක් දැනුනා..

"මගේ චන්ගා..."

මං මගේ චන්ගාගෙ උණුසුමට තවත් තුරුළු වුනා...
.
.
.
.
.
🔰~Ama~

𝕊𝕥𝕚𝕝𝕝 𝕎𝕚𝕥𝕙 𝕐𝕠𝕦 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now