ඒ මනුස්සයට වචනයක්වත් කියන්න ඉඩ නොතියා මන් හීයක් වගේ ගේට් එකෙනුත් එලියට දිව්වා.

ඔලුව දෙදරුම් කනවා වගේ. උදේ පාන්දර පින්න නිසා තවත් ටිකක් අමාරු ගතියක් දැනුනා. ජර්සි එකේ තොප්පියත් ඔලුවට දාගෙනම මන් පාර අයින දිගේ පයින්ම ඇවිදගෙන ගියේ yoohi වැඩ කරන කැෆේ එක ලගට. ඈත තියාම මන් දැක්කා yoohi කැෆේ එක ඇතුලෙ ටේබල් එකක් පිහ දදා ඉන්නවා. ඉතින් පාර පැනලා කැෆේ එකට යන්න මන් දෙපාරක් හිත හිත හිටියෙ නෑ.

ඇත්තටම කිව්වොත් yoohiව දකිනකොටත් මට ලොකු සැනසීමක් දැනෙන්නෙ. ඔම්මා කෙනෙක් වගේ හැමදේටම මගෙ ලගින් එයා පුළුවන් උපරිමෙන්ම හිටියා. තනිය විතරක් උරුම මගේ ජීවිතේ තනි කමක් නම් දැනෙන්න දුන්නෙම නෑ.

"යූහියා..... "

මන් එලියෙ ඉදන්ම කෑ ගහගෙන දොරත් තල්ලු කරගෙන කැෆේ එක ඇතුලට දිව්වා.

" කියා......"

පැනපු ගමන් මන් කරේ යූහිව තද කරන් බදා ගත්ත එක. අතේ තිබුන ලේන්සුවත් මේසෙ උඩින් තියලා කෙල්ලත් මාව ආපිටම බදා ගත්තා.

" එන්නකො කියා... අපි එලියෙ ටේබල් එකක ඉදන් කතා කරමු. තාම 7:00යිනෙ වෙලාව පැය බාගයක්ම තියනවනෙ කැෆේ එක අරින්නත්. එතකන් අපි කතා කරමු. "

යූහි මගෙ ඔලුව හෙමීට පිරි මදින ගමන් එහෙම කිව්වා.

" හරි මන් එලියෙන් ඉන්නම්. "

" මන් බොන්න මොනා හරි හදන් එන්නම්. එතකන් උදේ පින්නට යන්නෙ නැතුව ඉන්න. නැත්තන් ආපහු වීස් එක හැදෙයි මේ පාන්දරම. "

" හ්ම්.."

මන් කෙටි උත්තරයක් බැදලම කැෆේ එකෙන් එලියට ආවෙ කැෆේ එකේම එලිමහනෙ හදලා තිබුන outside cafe එකට. කෘතිමව හදලා තිබුන පුංචි දිය ඇල්ලෙ වතුර වැටෙන සද්දෙ මට දැනුනෙ බාවනාවක් වගේ. එතන ඒ තරම් නිදහස්.

විනාඩි දෙකක් ගත වෙන්න ඇති. යූහි රස්නෙට දුම් දාන කෝප්ප දෙකකුත් අරන් මගෙ ඉස්සරහ පුටුවෙන් වාඩි උනා.

" කෝපි.. උදේම නිසා රස්නෙට බොන්න. "

" Thank you යූහියා.."

යූහිගෙ මූන දිහාවත් නොබල මන් එහෙම කියලා කෝපි කෝප්පෙ අතට ගත්තත් ඒකෙ රස බලන්න තරම් උනන්දුවක් මට ඒ වෙලාවෙ තිබුනෙ නෑ. හැබැයි මගෙ හැසිරීමෙ තිබුන වෙනස් වීම අල්ලගන්න එයාට විනාඩියක්වත් ගියෙ නෑ.

𝐓ₕₑ 𝐏ₒₛₛₑₛₛᵢᵥₑ 𝐆ᵢᵣₗfᵣᵢₑₙd                                        [ongoing] Where stories live. Discover now