😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 04🩸

Start from the beginning
                                    

" යමන් පස්සෙන්.."

එහෙම කියලා කෙල්ලෝ තුන් දෙනා ඒ පස්සෙන් දුවගෙන ගියා ඒත් එකපාරට ඒ කෙනා අතුරුදහන් වුනේ කෙල්ලෝ තුන් දෙනාව ටිකක් බය කරලා

" මේක මායාවක් ද..?"

" මෙහේ කවුරුහරි ඉන්නවා ඒක මට දැන් හොදටම විශ්වාසයි..."

චේයොන්ග් කිව්වේ කෙල්ලෝ දෙන්නා දිහාට හැරෙන ගමන්

" අපි දැන් මොකද්ද කරන්නේ..."

" අපි කොහොමහරි ඒ කෙනාව හොයාගන්න ඕන එයා තමයි අපිට මෙතනින් එලියට යන්න නොදෙන්නේ ඒ කෙනා හොල්මනක් වුනත් පිසාචයෙක් වුනත් වැම්පයර් කෙනෙක් වුනත් අපිට එයාව අල්ලගන්න වෙනවා "

" මොකද්ද ප්ලෑන් එක "

" බෙදිලා ගිහින් හොයමු..."

" යාහ්හ් චේ උබට ස්කුබි ඩූ එකේ ෆ්‍රෙඩි වැහුනා ද යකෝ "

චේයොන්ග් කිව්වාම මිනායා ඇහුවේ මූනත් තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ කරගෙන

" විකාර නොකියා පලයන්....දෙන්නා පරිස්සමින් හරි ද.."

චේයොන්ග් කිව්වාම දෙන්නා ඔලුව වැනුවා ඒ දෙන්නා දෙපැත්තකට බෙදිලා යනකොට චේයොන්ග් මාලිගාවට ඇතුල් වුනා ඉස්සෙල්ලාම එනකොට වඩා මාලිගාවේ වෙනසක් කෙල්ලට තේරුනා චේයොන්ග් ඇතුලට යනකොට එකපාරට එහා පැත්තේ කබඩ් එක උඩ තිබුණු ඉටිපන්දම් පත්තු වුනා කෙල්ල ෆෝන් එකේ ටෝච් එක ඔන් කරගෙන පඩිපෙළ හිමින් නැග්ගා කලින් අපිලිවෙලට දූවිලි වලින් පිරිලා තිබුන මාලිගාව දැන් පිරිසිදුයි පිලිවෙලයි කෙල්ලට හිතාගන්න බැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා පඩිපෙළ නැගලා අවසානයේ කලින් නොගියපු පැත්තකට චේයොන්ග් ගියා බකමූනෙක් කෑගහන සද්දේ සුලගට සෙලවෙන ගස් වල සිලි සිලි සද්දය ඇරුනාම ඇහුනේ චේයොන්ග් අඩිය තියෙන සද්දය විතරයි කෙල්ල බෙල්ලේ තියෙන මාලේ අතින් තද කරගෙන ඉස්සරහට ගියා

ටික දුරක් යනකොට චේයොන්ග්ට එයාගේ පස්සෙන් කවුරුහරි කෙනෙක් එනවා දැනුනු නිසා කෙල්ල නැවතිලා පිටිපස්ස හැරිලා බැලුවත් කවුරුවත් හිටියේ නැ ඒත් එක්කම චේයොන්ග්ගේ ෆෝන් එක ඕෆ් වෙනවා ඒ නිසා කෙල්ල කලබල වෙනවා ෆෝන් එක ඔන් කරන්න ට්‍රයි කලත් වැඩක් වුනේ නැ කොරිඩෝවට වැටිලා තියෙන සද එලියෙන් කෙල්ල ඉස්සරහට අඩියක් තියලා යන්න හදනකොට වීදුරුවක් කුඩු වෙන සද්දයක් ඇහුනා චේයොන්ග් ඉස්සරහට තියන්න ගත්ත කකුල ආපහු පිටිපස්සට තිබ්බා කෙල්ලගේ බෙල්ලට කාගෙදෝ උනුසුම් සුසුම් දැනෙද්දී චේයොන්ග් ආපහු පිටිපස්ස හැරිලා බැලුවා ඒත් කවුරුවත් පේන්න හිටියේ නැ කෙල්ලගේ හිත හොදටම ගැස්සිලා තිබුණේ

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now