🩸 Chapter 8

15 5 0
                                    

Next evening

At graveyard

🌸: " කිම් තේහ්‍යොන්ග්, අපි තමුසෙ කරන්න යන වැඩේට පොඩ්ඩක්වත් කැමති නෑ. තමුසෙට කරදරයක් උනොත්? මිනිස්සු සත පහකට විස්වාස කරන්න බෑ. "

🐯: " බලමුකො මොකාටද එන්න හදන්නෙ කියලා. "

🌸: " අපේ කෙනෙක් කතාකරනවා. මට යන්න වෙනවා. තමුසෙ පරිස්සමෙන් තේහ්‍යොන්ග්. "

තේහ්‍යොන්ග් කැලේට ගිහින් මින්හෝයි ජෙනීයි එනකම් බලන් හිටියා. ගොඩක් වෙලා බලන් හිටියත් කවුරුත් ආවෙ නැති නිසා ආපහු යන්න හැදුවා. එතකොටම ජෙනී තමන්ව මතක් කරන බව තේහ්‍යොන්ග්ට දැනුණා. තේහ්‍යොන්ග් ඒ දේවල් ගණන් ගන්නැතුව යන්න හැදුවත් මොකක් හරි දෙයක් එයාව නැවැත්තුවා. ඒ මොකද්ද කියල එයා එයාගෙන්ම ඇහුවත් එයාගෙ ඇතුළාන්තය නිහඬයි.
.
.

🔥: " අර කොටා එක්ක බෑ. ඒ මදිවට අර ජන්ග්කුක්! ඌ හෙන ඇපලයෙක්! ඕන්නැති රෙද්දක් නෑ. මොන හු#ත්තක්ද මන්දා. මට පේන විදිහට...... ජන්ග්කුක් උඹට පැණි. "

🌹: " පලෑන්න මගෙන් මොකුත් නාහා! මං ඌට කැමති නෑ. මං කැමති තේහ්‍යොන්ග්ට! ඕ....... එයා ඇවිල්ලා! "

🔥: " අර හු#තො තමා පරක්කුවට හේතුව. "

🌹: " සෝ සොරි තෙතෙ, ඔය ගල උඩින් වාඩිවෙන්න. "

🐯: " මොකටද!?😒 "

🌹: " වාඩිවෙන්න! මින්හෝ මේ ටික අල්ලගන්න. මං කියනකොට ඕනි ඒවා දෙන්න. "

ජෙනී තේහ්‍යොන්ග් දිහා ටික වෙලාවක් බලන් හිටියා.

🌹: " ඇස් ලොකු කරන්න. "

🐯: " මොකටද!? "

🌹: " කතා එපා. ඔහොම ගියොත් කට්ටිය ඔයාව අදුනගනී... "

ජෙනී තේහ්‍යොන්ග්ගෙ ඇස් පිල්ලම් ඈත් කරලා කළුපාට ලෙන්ස් දෙකක් දාන්න හැදුවා.

🌹: " ක්..කොහොමද ඇස්වල පාට වෙනස් කරේ? තවුසෙ ඒක දැක්කද මින්හෝ..? "

🔥: " ඔ.ඔව්.. ඒකනම් මරූ...! "

🐯: " අපිට ඕනිම වෙලාවක අපි කැමති විදිහට වෙනස්වෙන්න පුළුවන්. "

ජෙනී ගොඩක් වෙලා තේහ්‍යොන්ග්ගෙ ඇස් දිහාම බලන් ඉඳල තේහ්‍යොන්ග්ගෙ කොණ්ඩෙ පීරන්න ගත්තා.

🌹: " කවද්ද අන්තිමට කොණ්ඩෙ පීරුවෙ? ම්..........? ඒත් වාව්, මෙහෙම අවුල් වෙලා තියෙද්දිත් ලස්සනයි.😏 "

You've reached the end of published parts.

⏰ Last updated: Jan 13 ⏰

Add this story to your Library to get notified about new parts!

🩸Blood🩸 [Taennie] [slow updates]Where stories live. Discover now