😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 03🩸

Ξεκινήστε από την αρχή
                                    

" තොපිට ආපු පාර මතක ද

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

" තොපිට ආපු පාර මතක ද.."

යුවි ඇහුවේ මූනත් අමුතු කරගෙන පිටිපස්ස බලන ගමන්

" උබ බය වෙන්න එපා යුවියා චේ ඔය සතෙක්ගෙන් අහගෙන අපිව එක්කගෙන යන්න..."

මිනායා එහෙම කියලා චේයොන්ග් දිහා බලනකොට කෙල්ල ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නවා බකමූනෙක් කෑගහන හඩ මුලු පරිසරයේම නිශ්ශබ්බදතාවය බිද දැමුවා මිනායා යුවි දෙන්නා චේයොන්ග් ලගට කිට්ටු වුනේ අමුත්තක් දැනුනු හින්දා චේයොන්ග් එතැන බිම පුරා පිපිලා තියෙන සුදු පාට මල් දිහා බලාගෙන ඉන්නවා

" චේ...."

කෙල්ල ලගට කිට්ටු වුනු යුවි කතා කලත් චේයොන්ග්ගෙන් එයාට පිලිතුරක් ලැබුනේ නැ

" චේ... මොකද වුනේ...?"

මිනායා චේයොන්ග්ගේ උරහිසට අතක් තියලා ඇහුවාම කෙල්ල ගැස්සිලා ගිහින් වගේ කෙල්ල දිහා බැලුවා

" මොකද වුනේ.."

මිනායා ඇහුවේ චේයොන්ග්ගේ අමුතු හැසිරීම නිසා

" මට...මට මෙතන හුරුයි වගේ... මම හීනෙන් දකින තැනත් ටිකක් මේ වගේ.. "

චේයොන්ග් කලබලයෙන් වගේ කිව්වා

" චේ... කලබල වෙන්න එපා ඔයා කොහෙද හරි මෙතන දැකලා ඇති ඒකයි ඔයාට එහෙම දැනෙන්න ඇත්තේ.."

යුවි චේයොන්ග්ගේ කොන්ඩේ අතගාන ගමන් කෙල්ලව සන්සුන් කරන්න වගේ කිව්වා

" ඒක තමයි චේ... උබ ඔය ෆිල්ම් එකකින් දකින්න ඇත්තේ යමන්.."

මිනායා එහෙම කියලා ඉස්සරහට ගියා චේයොන්ග් ටිකක් දුර ගිහින් ආපහු හැරිලා බැලුවා කෙල්ල ටික වෙලාවක් ඒ දිහා ඉදලා හුස්මක් පහත හෙලලා එතැනින් යන්න ගියා එතැන ගහක හිටපු බකමූනත් චේයොන්ග්ගේ පස්සෙන් පියාගෙන ගියා 

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα