Favourite things!!

31 6 4
                                    

- මොකක්ද ඔයාගේ උත්තරේ මන් ඇහුවොත් ඔයා කරන්න කැමති දේවල් මොනාද කියලා.

+ ..........

- ඇයී??

+ ඇත්තටම මන් දන්නෑ ඒකට උත්තරේ!!!

- ඒ ඇයී ඒ??

+ මන් දන්නෑ!

- "...."

+ සමහරවිට.....අනිත් අයගේ කැමැත්තට වැඩ කරපු නිසා, මන් කැමති මොනාටද කියලා මන් දන්නැතුව ඇතී.

- ඉතිම් ඇයි ඔයා අනිත් අය කියන දේවල් කරන්න ගියේ??

+ කරන්න උනා මිසක් මට වෙන දෙයක් කරන්න තිබ්බෙ නෑ.

- ඒ කිව්වේ??

+ ඒ කිව්වේ..මට එයාලා කියන දේ කරන්න උනා එයාලගේ සතුට වෙනුවෙන්.

- හහ්?? ඇයි ඔයා අනිත් අයව සතුටු කරන්න යන්නේ??

+ මොකද මන් දන්නවා ඒ හැගීම!!

- මොන හැගීමක්ද??

+ දුක කියන හැගීම! මන් විදින දේ අනිත් අයටත් දැනෙන්න දෙන්න මන් ඇත්තටම කැමති නෑ. මොකද මන් දන්නවා ඒකේ වේදනාව!

- හරි ඒක හරි කියමුකෝ! එතකොට මොකද වෙන්නේ ඔයාට?? ඔයා කැමති දේවල් වලට??

+ අනේ මන්දා!! මට මගේ ජීවිත කාලේම මෙහම ඉන්න වෙයිද නැත්තම් මන් කැමති විදිහට ඉන්න පුලුවන් වෙයිද කියලා.

- ඉතිම් ඇයි ඔයාට බැරි ඔයා කැමති විදිහට ඉන්න?

+ සමහරවිට මන් බය ඇති මන් එයාලා කියන දේ ඇහුවේ නැත්තම් එයාලා මන් ගැන disappoint වෙයි කියල. නැත්තම් මන් fail වෙයි කියලා. එහෙමත් නැත්තම් ඔය ඔක්කොටම වඩා මට එයාලගේ සතුට බලන්න ඕනී ඇතී.

- අනේ විකාර!! ඔයා එයාලගේ සතුට බලන්න ගියොත් මොකද වෙන්නේ ඔයාගේ එකට? අහ්හ්?? උත්සහා කරන්න ඔයාගේ හදවතට වගේම මොලේටත් ඇහුන්කන් දෙන්න!! මන් දන්නවා ඔයා ඔයාගේ කැමැත්තට තීරණයක් ගත්තොත් ඔයට දිනන්න පුලුවන් කියලා. Fail උනත් මොකෝ ඉතිම්?? අපිට ආය පටන් ගන්න පුලුවන්!

- ඒ වගේම තමයි කවුරුහරි ඔයාගැන disappoint වෙයී කියලා හිතුවත්, ඉතිම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද?? අපිට බෑ හැමෝටම අපේ හොද මූණ විතරක් පෙන්නන්න. කවදාහරී අපිට කාටහරි අපේ ඒ රහස් කාමරේ දොර ඇරලා පෙන්නන්න වෙනවා. 'මෙන්න මේ විදිහයී මම' කියලා. ඔයා මේ දැන් කරන්නෙත් ඒ දේම තමයී. ඔයා ඔයාගේ ඒ රහස් කාමරේ පොඩ්ඩක් ඇරලා මට පෙන්නුවා.ඒ කියලා මන් ඒ දෙට හිනාවෙන්නෙවත් ඔයා ගැන අමුතු විදිහට හිතන්නවත් යන්නෑ. මොකද මන් දන්නවා ඔයා සතුටු වෙන්න සුදුසුයි කියලා! You deserve it💕

- ඒත් මන් මෙච්චර කියලත් ඔයට ඒයාලව සතුටු කරන එක නවත්තන්න බැරි නම් මට තව විසදුමක් තියෙනවා ඒකට!!

+ ඒ මොකක්ද??

- ඔයාට පුලුවන් එයාලව සතුටින් තියන ගමන් ඔයාවත් සතුටෙන් තියන්න!

+ ඒ කොහොමද??

- අපි ඊටකලින් මහන්සි වෙලා වැඩ කරමු අපිට වෙන කෙනෙක්ගෙන් යැපෙන්න ඕන්නැති වෙන තරමට!

+ ඊටපස්සෙ???

- ඊටපස්සෙ පුලුවන් ඔයා කැමති දේ වෙනුවෙන් පොඩි අවදානමකුත් ඇරගෙන try කරලා බලන්න. ඔයා කැමති දේවල් කරන්න. ඔයා කැමති දේවල් ඔයාටම ඇරන් දෙන්න. ඔයා කැමති විදිහට හිනාවෙන්න. තව දේවල් උනත් පුලුවන්.....

+ ඇත්තටමද??

- අනිවාර්යයෙන්ම...

+ වාව්!! ඔයාට තැන්ක්‍යු ගොඩාරියක්!

- මන් ඔයාට කියන්නද මන් දන්න ලස්සන වාක්‍යයක්?

+ හ්ම්ම් කියන්න.

- Fill your room with the things you love. It can make your life happier♡

+ wow.....ඒකට මන් ගොඩක්ම ආසයී. I love you myself

- ඔව් මන් දන්නවා! මාත් ඔයාට ආදරෙයී💕 ඒ වගේම තමයී ඔයා තේරුන්ගන්න ඕනී, ඔයා ඔයාට ආදරේ කරන තාත්කල් මගේ ආයුශ වැඩි වෙනවා කියන එක.

+ Can i hug you?

- අනිවාර්යයෙන්ම!! Come here!! I'll give u a warm hug!!

- ඔයා කිසිදේකට බයවෙන්න එපා මන් හැමදම ඔයා එක්ක ඉන්නවා💕

-blueberriemoody+

You've reached the end of published parts.

⏰ Last updated: Oct 12, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

what's on my mind?Where stories live. Discover now