Happy Turtle🐢 Day!!!

104 21 4
                                    

+ ඇයි ඔයා එයාලට ඔච්චරම ආදරේ?

- මොකද එයාලා තමයී මට ආදරය ගැන විශ්වාසයක් ඇති කරේ!

+ ඒ කිව්වේ??

- ඔයා දන්නවද එක කාලයක් තිබ්බා මාත් කෙනෙක්ට ආදරය කරපු, ඒත් ඒක ආදරයමද නැත්තම් වයසත් එක්ක වෙන දෙයක්ද කියලා මන් දන්නෑ. හැබැයි මට එහෙම එකක් තිබ්බා. මුලදී මුලදී නම් ඒ සම්බන්දේ හොදට ගියා. ඒත් මගකදී තමයී දැනුනේ ඒ කෙනා මට හරියන්නෑ වගේම මන් ඒ සම්බන්දෙන් ගොඩක්ම පීඩනයකින් ඉන්නේ කියලා. ඒත් මට ඒක නවත්තන්නත් හයියක් තිබ්බේ නෑ. කොච්චර අමාරු උනත් මට ඒක දරාගන්න පුලුවන් කියලා හිතපු කාලයක් ඒක. ඒ කෙනා කවදාවත්ම මාව සනසවන්න පුලුවන් කෙනෙක් උනේ නෑ.මගේ පැත්ත ගත්ත කෙනෙක් උනේ නෑ. මාව ප්‍රශංසා කරන කෙනෙක් උනේ නෑ. මන් තමයි හැම දේකටම වැරදි උනෙත්. ඒ මොන දේ උනත් මන් හිතුවේ ඒ කෙනා මට ආදරෙයි කියලා. මන් හිතුවේ මන් එයාව දාලා ගියත් එයා මාවනම් දාලා යන්නැති වෙයි කියලා. මට ඒ ගැන ලොකු විශ්වාසයක් තිබ්බේ.

- ඒත් එකදවසක් එයා කිව්වා 'අපි මේ සම්බන්දේ නවත්වමු' කියලා. ඇත්තටම එවෙලේ කියන්න ඕනී මොනාද කියලා මට හිතාගන්න බැරි උනා. මන් දැනගෙන හිටියෙත් නෑ.

- මාත් 'හරි' කිව්වා.

- මට ඒ මගේ උත්තරෙන් මාරම සතුටක් වගේම දුකකුක් ආවා. මන් සතුටු වෙන්න හේතුව තමයී මට ඒ පීඩනයෙන් ගැලවෙන්න පුලුවන් උන එක. ඒ වගේම දුක් වෙන්න හේතුව තමයි මන් ඒ කෙනාව විශ්වාස කරපු එක වගේම මාව අතහරින්න කියපු හේතුව. ඔයා
දන්නවද මොකක්ද කියලා ඒ??

+ මොකක්ද??

- එයා කිව්වේ මෙහෙම දෙයක්. ' ඔයාට කිසිම හැගීමක් දැනීමක් නෑ ' කියලා.

- ඒ දේ අහලා මට මාවම අප්පිරියා උනා. මන් ඒ වගේ කෙනෙක්ද?? මට ඇත්තටම හැගීම් දැනීම් නැද්ද?? ඇයි එයා එහෙම කියන්නේ?? am i that worst??

- ඒ දෙයින් පස්සේ කලින් තිබ්බ පීඩනය තවත් වැඩි උනා. මන් ඇඩුවා ගොඩාක්. කවුරුත් දැනන් හිටියේ නෑ. දැනගන්න දුන්නෙත් නෑ. මොකද මන් හැම වෙලේම අනිත් අය ඉස්සරහා හිනාවෙලා ඉන්න කෙනෙක් උන නිසා.

- මේ සම්බන්දේ නවත්තපු මුල්ම කාලෙත් ඒ කෙනා මට මැසෙජ් කරන එක නැවැත්තුවේ නෑ. ඒ කෙනාම කිව්වා ඒයා වෙන කෙල්ලෙක්ට කැමතියි කියලා. මට කියන්න පුලුවන් උනේ 'සුභ පැතුම්' කියලා විතරයී. ඒ කෙල්ල නිසා තමයි එයා අපේ සම්බන්දේ නැවැත්තුවේත්.

what's on my mind?Where stories live. Discover now