" අමතක කරන්න එපා කුකී මම පවර් බොටම් කියලා. "

" හැව් හැව්. මම කියන්න් හිටපු දේ කෑවනෙ ඔයා. "

" මොකද්ද? "

" ජන්ග්හියුන්ව නිතියෙන් අපි අපේ ලගට ගමු. අපි දෙන්නට පුලුවන් එයාගෙ බාරකාරයො වෙන්න. "

ටේහියුන් ජන්කුක් දෙස දෑස් විසල් කරගෙන බලාසිටියේ ඒ දෙය අදහාගත නොහැකිවයි.

" ඔහොම බලන්න එපා බන්. බය හිතෙනවනෙ. ගරායකාගෙ වගෙ ඇස් දෙක ඕම ලොකු කරාම."

" අනේ කුකී විහිලු කරන්න එපා. ඔයා ඇත්තටමද කිව්වෙ ? "

" ඔව් ඔව් ඒ ළමයා දැක්ක ගමන්ම තමා මට ඒක හිතුනෙ. අනිවාර්‍යෙන්ම ඒ ලමයගෙ අප්පයි පපයි අපි දෙන්න තමා. එකෙ කිසි වෙනසක් නෑ."

ජන්කුක් ස්ථිර හඩින් කියද්දි ටේගෙ බෝල ඇස්වලින් කදුලක් පහලට රූටලා ගියේ ජන්කුක් ඔහුගෙ අත්දෙකෙන්ම ටේගෙ බෝල මූණ අල්ලගෙන මහපට ඇගිලි දෙකෙන් කදුලු බිදු පිහිදලා ඇස් මතට හාදු ලබාදෙද්දීයි.

ටිකෙන් ටික හාදුවකට මුල පුරන්න ගිය ටේකුක් දෙන්නා ගැස්සී ගියේ එක්වටම වාහනයේ විදුරුවට කවුරු හරි තට්ටු කරනවා ඇහුන නිසායි. ටේහියුන් වහගෙන හිටපු ඇස් එක් සැරේම විවර වෙද්දි ජන්කුක් තමන්ගෙ උල් කරගෙන හිටපු තොල් තද කරගනිමින් කේන්තියෙන් වගෙ හිනා වුනේ හුස්මයි හයියෙන් පහත දාලා අනෙක් පසට හැරෙද්දියි..

" ආ බොසා කරන් යන්න කරන් යන්න මම බැලුවෙ මොකක් හරි කරදරයක්ද කියලා. සිරාවටම මම හිතුවෙ පිටසක්වල ජිවියෙක් අපෙ ටේහියුන් සර්ට අතවර කරන්න යනවා කියලා. ඒකයි ඉක්මනට දුවගෙන ආවෙ. "

ජැක්සන් ගොන් හිනාවක් දාගෙන කියද්දි ජන්කුක් කේන්තිය මැඩගෙන හිනාවකින් ඔහුට සංග්‍රහ කලෙ ජැක්සන් ජන්කුක්ටයි ටේහියුන්ටයි ආචාර කරලා එක පිම්මෙ මන්ධිරය දෙසට දිව්වෙ තවත් වෙලා එතන ඉන්න ඒ තමන්ගෙ ඇගට අගුනයි කියලා දැනුන නිසයි.

ජැක්සන් ගිය හැටියෙ තද කරගෙන හිටපු හිනාව එලියට පැන්න ටේහියු පිස්සෙක් වගෙ ජන්කුක් දිහා බලාගෙන හිනාවෙන්න ගත්තෙ ජන්කුක් 'බැදගත්තනම් ගහපන් පුතො' කියලා අසරණව ඒ දෙස බලාසිටිද්දීයි.

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now