32❤

1.1K 238 243
                                    

Secret's POV ,

Wedding day ,

කණ්ණාඩියෙන් පේන රූපෙ දිහා ඔහේ බලාගෙන හිටපු මේ ලෝකෙට ආවේ කාමරේ දොර ඇරෙන සද්දෙට...

-"Sorry මං හිතන්නෙ වැරදි room එක..." කාමරේට ආපු හේසල් එහෙම කියලා යන්න හදද්දි අත ළඟම තිබුණ වතුර බෝතලේ අරන් ඒකිට දමලා ගැහුවෙ ඇඟේ පතේ හිරි යන්නත් එක්කමයි...

-"Ugh!!! පිස්සුද යෝදියේ... විහිලුවක් කළෙ..." හේසල් කිව්වෙ මගේ ළඟට එන ගමන්...

-"මම ලස්සනයිද?"

-"වෙන නැත්නම්..."

-"අනේ හේස්..."

-"ඔව් ඔව් පිස්සි... මගෙ කෙල්ල හැමදාම ලස්සනයිනෙ..." හේස් එහෙම කියලා මාව side hug කළෙ නළලට කිස් එකකුත් දෙන ගමන්...

-"Thank you Haze..."

ටික වෙලාවකට පස්සෙ මගෙන් ඈත් වුණ හේස් පුටුවක් ඇදගෙන ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වුණෙ ප්‍රශ්න පත්තරයක් දිගාරින්න ලේස්ති වෙලා බව ඒ මූණෙ තියන බැල්මෙන්ම මට තේරුණා...

-"ඔයා සතුටින්ද සීක්‍රට්?"

මම සතුටින්ද?

-"ඔව්... අනිවාර්‍යෙන්ම...අනිත් හැමෝටම වඩා ඔයා ඒක දන්නවා හේස්... මම marry කරන්න යන්නෙ මගෙ අවුරුදු ගාණක crush එක..."

-"නැහැ සීක්‍රට්... ඒ තරම් සතුටක් ඔයාගෙ මූණෙ දකින්න නැහැ... ඔයා ජන්ග්කුක්ට ආදරේ කරපු හැටි... එයා ගැන තිබ්බ crush එක ගැන හොඳට දන්නවා... ඒ ගැන ඇත්තටම සතුටින් නම් ඔයා ඔහොම ඉන්නෙ නැහැ... එහෙනම් අද මෙතන ඉන්නෙ කණ්ණාඩියක් දිහා ඔහේ බලාගෙන ඉන්න කෙල්ලෙක්ට වඩා කාමරේ පුරා නටලා සිංදු කියලා සතුටින් උඩ පනින කෙල්ලෙක්..."

-"නැ-නැහැ හේස්... මම ඇත්ත-"

-"උබ මටත් බොරු කියනවද සීක්‍රට්?"

-"හ්‍යුන්ග්ව දාලා යන්න දුකයි... ඒකයි..."

-"ආයෙමත් බොරු කියනවා... ජීවිතෙන්ම භාගයක්ම උබ ගෙව්වෙ හ්‍යුන්ග්ගෙන් ඈත් වෙලා... එහෙනම් අමුතු දුකක් කොහෙන්ද? මට ඇත්ත හේතුව කියපම් දැන්වත්..."

මේ හැමදේම මට හිතේ හිර කරන් ඉන්න බැහැ හේස්... ඔයාට මේ හැමදෙයක්ම මම කියන්නම්... ඒත් දැන්ම නෙවෙයි... මොකද හැම ප්‍රශ්නෙකටම උත්තරයක් හොයාගන්න මටත් කාලයක් ඕන...

Infatuative_Romance [Completed]Where stories live. Discover now