49 වන කොටස......

Start from the beginning
                                    

එයා මගෙන් අහනවා මම ඉස්සරත් මෙහෙමද කියලා......එයා අහන්නෙ...එයා එන්න කලින්...අරයගෙන් වෙන් වෙන්න කලින්....එතකොට එයාට ඕනා සෙනාරි එක්ක මම කොහොමද උන්නෙ දැනගන්න.....ඊට පස්සෙ තනියම දුක් වෙන්න....හිතින් මනස් ගාත මවාගන්න.....මම කාර් එක ස්ලෝ කෙරුවා ...... පාරෙ අයිනෙ වයසක මනුස්සයෙක් බඩ ඉරිගු තම්බනවා...කෙල්ල ඉන්නෙ අපිගාව නිසා ගෙදරින් එන කෝල් වලට මම පුලුවන් තරම් බොරුඇද බාන ගමන් ගාන වත් නාහා බඩ ඉරිගු දෙකක් ගත්තා ....

උනුයි....උනුයි.....දෙකට කඩා ගන්න......ඉන්න මේක ඔයාට.......

දන්නවා...මං මේක කැඩුවෙ ඔයාට...

මන එයා දිහා බැලුවා...මගෙ අතේ තිබුන ඉරිගු කරල මම කැඩුවෙ එයා වෙනුවෙන් වෙනකොට එයා මන් වෙනුවෙන් කඩලා තිබ්බා...අපි දෙන්නගෙන් කවුරුත් ඉල්ලුවෙත් නෑ...හදවතට දැනෙන තරම....මං කටින් පිඹලා එයාට දික් කරනකොට එයත් මං වෙනුවෙන් කඩපු එක දික් කෙරුවා ....

මගෙ විතේන් ...

ම්ම්ම්...සුදු අප්පො...

ඔයාට දැනගන්න ඕනෙ...ඔයා එන්න කලින්...එයා යන්න කලින් ??එහෙමනෙ....

ම්ම්....

එයා ඉරිගු ඇට දෙක තුනක් එයාගෙ ඉස්සරහ උඩ ඇන්දෙ තිබුන හා දත් වලින් ලෑටි ගෑවා.....මං බලන් උන්නා...කියන කතාව අවසානෙදි එයාට ගේන්නෙ වේදනාවක්...වෙන මොකුත් නෙවෙ....එයා හිතන්නෙ......ඒ වෙනුවට මම උන්නා නම් කියලා...මම උනත් එහෙම හිතනවා....මොකද ....මේ ලෝකෙ කිසිම කෙනෙක් සීයට සීයක් යතාර්තෙට මූන දෙන්නෙ නෑ....හේතුවක් නැතුව හරි...ආදරේ කරන කෙනාගෙ කලින් එකා එක්ක තරහ ගන්නවා......ඒක හැමෝටම පොදුයි...මං හිතන්නෙ...ඒ තරහව ඇති කරන්නෙ වේදනාව එක්ක.......

විතේන්........දන්නවද......මිනිස්සු හිනාවෙන තැන් වගේම සැහැල්ලුවෙන තැන් තියනවා...හිනා වෙන තැන් වල සීමා වෙච්ච තැන් තියනවා......තුරුල් කරගත්තට හාදුවක් දෙන්න බැරි තැන් තියනවා....හාදුවක් දුන්නත් අල්ලලා මිරිකලා, අතගාලා ,ඇගිලි තුඩුවලට හැගීම් දැනෙන්න දෙන්න බැරි තැන් තියනවා....ඇගිලි තුඩු වලට හැගීම් දෙන්න පුලුවන් උනත්......එතනින් එහා යන්න බැරි තැන් තියනවා......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now