🍂The truth untold🍂

89 28 36
                                    


දහස් සංබ්‍යාත රසික ජනතාවගේ ඔල්වරසන් හඩ මධ්‍යයේ වේදිකාවට නැගුනු ජනප්‍රිය ගායකයාගේ මුහුනේ වෙනදා නොවන තරමේ දීප්තියක් රජයමින් තිබුනා.දිගුකාලීන බලාපොරොත්තුවක් ඉටුවී මෙන් දිදුලන ඇස්, ඔහුගේ කඩවසම් බව දෙගුන තෙගුන කලේ වසර පහකට පෙර මෙන්මයි.උදෑසනම තමාගේ දුරකතනට පැමිණි ඇමතුම සිහිවී මුවට නැගුනු සිනහව දරාගැනීමට ඔහු ප්‍රේක්ශකයන් ඉදිරියේ ගනුලැබුවේ දැවැන්ත උත්සාහයක්.

"යෙබුසෙයෝ...මිස්ටර් කිම් ටේහියුන්."

"යෙබුසෙයෝ.කවුද මේ?"

"බෙයා හියුන්ගිට මාව අදුරගන්න බැරිද ඒ කියන්නෙ...මම හිතුවෙ නෑ අවුරුදු පහට මාව අමතක වෙලා යයි කියලා.
ඔව් ඉතින්...ඔයා දැන් මහ ලොකු ගායකයෙක් නෙ..."

වසර පහකට පමණ පසුවත් සුපුරුදු නෝක්කාඩු ස්වරයෙන්ම මේ කතා කරන්නේ ඔහුමද?
ප්‍රේමයට සීමා නොමැති බව තම සිතට ඒත්තු ගැන්වූ ඒ හුරතල් කොලුපැටියමද?
පෙර සේම ඒ දගකාර හඩ ඉදිරියේදී ටේහියුන්ට කතාකරන්න වචන අමතකව ගිය බව නොරහසක්.මොහොතකින් පියවි සිහියට පැමිණි ටේහියුන් අපහසුවෙන් වචනෙන් වචනය ගැටගහන්න ගත්තෙ බිදුනු කටහඩින්.

"ක්..කුකී!!
මගෙ කුකී...
මේ ඔයාමද මගෙ හා පැටියො!!"

වේදිකාවට ප්‍රතාපවත් හඩක් මෙන්ම නොසැලෙන අභිමානවත් පෞර්ෂයක් ප්‍රදර්ශනය කල ටේහියුන් කෙදිනකවත් තම රසිකයන් ඉදිරියේ එක් කදුලකුදු නොහෙලූ තරම්.
එහෙත් ඔහුගේ කදුලු වලංගු වන කිහිපදෙනා අතුරින් ජියෝන් ජන්ග්කුක්...එහෙමත් නැත්තම් ටේහියුන්ගෙ හිත හොරාගත්තු හාපැටියා වුනු  කුකී හිටියේ ඉහලම තැනක.

"මියානෙ බෙයා හියුන්ගි...මම විහිලුවක් කලේ.ඔයා අඩන්න එපා.මට පව් පිරෙයි."

"මං අඩන්නෙ හිතේ හිරකරගෙන හිටපු දුක නිදහස් වෙන්න කුකී පැටියො...ඇයි ඉතින් මෙච්චර කාලයක් මට කෝල් එකක්වත් ගත්තෙ නැත්තෙ?"

"ඒ හැමදෙයක්ම මම කියන්නම් බෙයා හියුන්ගි.ඒ වගේම ඔයාට අදුන්වලා දෙන්න කීපදෙනෙක් ඉන්නවා."

"මේ සැරේ මට මුන ගැහෙන්නෙ ගෙඹි අමුත්තොද?නැත්තම් මී අමුත්තොද?"

🍂The truth untold🍂✔️Where stories live. Discover now