පළමුවන පරිච්ඡේදය

47 6 11
                                        

මම අදත් පුස්තකාලයට ගියේ වෙනදා මෙන් ම පොත් කියවීමට ය. අද පුස්තකාලය වෙනත් කිසි දිනක නොතිබූ අයුරින් මූසල අන්ධකාරයකින් වෙලාගෙන ඇති සැටියක් මා හට දිස් වුවත් එය මාගේ ඇසෙහි ඇති වූ වර්ණ විපර්යාසයක් වන්නට ඇතැයි සිතුණු නිසා ඒ පිළිබඳ වැඩි තැකීමක් නොකර මා පැමිණි කාරණයට අවධානය යොමු කරන්නට සිතීය. පිටු 500ක 600ක පමණ තරමක් විශාල නීති පොතක් පොත් රාක්කයකින් තෝරාගත් මා එය රැගෙන එතැනට යාබදව තිබූ මේසයකට ගොස් පොත කියවීමට ආරම්භ කළා. නීති පොතක් ගැනීමට හේතුව පැවරුමකට අවශ්‍ය කරුණු සොයා ගැනීමට මිස මා හදාරන විෂය ධාරාව නීතිය වීම නම් නොවෙයි. මම පුස්තකාලයට පැමිණි මොහොතේ පටන් මා දෙස කවුරුන් හෝ බලාගෙන ඉන්නවා වැනි හැඟිමක් මට දැනෙන්නේ ඇයි දැයි මම නොදනිමි. මා අවට විපරම් කළ ද කිසිවෙකුත් මා දෙස බලා නොසිටියේ සියලු දෙනාම තම තමන් කියවීමට ගත් පොත්පත් වල ඇලී ගැලී සිටි නිසාවෙනි. මා ද නැවත මාගේ පොතට අවධානය දුන්නේ එය මාගේ සිතළුවක් යැයි මාගේ ම සිතට පවසමින් ය.






















නැවත දිනයක මා පුස්තකාලයට ගියේ පාසලේ අලුතින් දුන්නු කණ්ඩායම් පැවරුමට අදාළ කරුණු සෙවීමටය. මා ඊට අදාළ තොරතුරු ඇතැයි සිතිය හැකි පොත් කිහිපයක් තෝරාගෙන මාගේ කණ්ඩායමේ මිතුරියන් සිව්දෙනා සිටි මේසය වෙත ගොස් ඔවුන් හා එකතු වී අදාළ තොරතුරු සටහන් කරගැනීමේ නිරත විය. මා ඔවුන් වෙත මද සිනහවක් පෑවද වෙනදා මෙන් ඔවුහු පෙරලා සිනා නොවූහ. ඔවුන්ගේ මුහුණෙහි තිබූ මද සිනහවද නැති වී ගොසිනි. සියල්ලෝම සිටියේ බිය වුණු ආකාරයට ය. ඔවුහු සිව්දෙනා මාගේ හොඳම මිතුරන් නොවුණත් සියල්ලන් ම එකම පන්තියේ වීමෙන් මා හා යම් තරමකින් හෝ කතා බහ කළහ. නමුත් අද වෙනදා මෙන් ඔවුහු මා හා කතා බහ නොකළෝය. මේ පුස්තකාලය වූ බැවින් මා හට ඒ පිළිබඳව විමසීමට ද නොහැකි විය.

අවශ්‍ය කරුණු සටහන් කරගෙන අත්‍යවශ්‍ය ම යැයි සිතිය හැකි දෑ කිහිපයක් පමණක් මා හා සාකච්ඡා කළ ඔවුහු ඉක්මනින් පුස්තකාලයෙන් පිටව ගියේ මාව පුස්තකාලයේ තනිකර දමමින් ය. වෙනත් කිසිම දිනක මා රැගෙන යාමට පුස්තකාලයට නොපැමිණි මගේ අප්පච්චි අද මා පුස්තකාලයෙන් පිටතට යන විටම පුස්තකාල පිවිසුම අසල මා බලාපොරොත්තුවෙන් සිටියේ මාව පුදුමයට පත් කරමිනි. පුස්තකාලය තුළ දී මෙන්ම පිටතදී ද මා හඳුනන මෙන්ම නොහඳුනන සියලු දෙනාම මා දෙස බැලුවේ අමුතු ආකාරයට ය. ඔවුන් එලෙස බලන්නේ ඇයි දැයි මා නොදනිමි. මම ඔවුන් පිළිබඳ තැකීමකින් තොරව අප්පච්චිත් සමඟ නිවසට පැමිණියෙමු.

SystemWhere stories live. Discover now