01.

530 122 21
                                    

Jungkook's pov.

මන් උදේ ඇහැරුනේ ලාවට මගේ මූණට වැටුනු ඉර එලිය නිසා.

හිමින් ඇස් අරිනකොට එයා හිටියා මන් ඉස්සරහා ,

" ගුඩ් මෝර්නින් love " සිනිදු කටහඩත් එක්ක එයා හිනාවෙනවා. හැමදේම හීනයක් වගේ.

එයා හිනාවෙනවා ! , ඒක බලන්න ලස්සනයි. ඇස් පුංචි වෙලා හිනාවෙනකොට එයාගේ දිග ඇස් පිහාටු කම්මුල් වල ලාවට ගැවෙන හැටි මන් බලන් හිටියා.

කෝමහරි ඒකට මටත් හිනා.

" නැගිටින්න නැගිටින්න "
එයා මාව හොලවලා ඇදෙන් බිමට පැන්නා.

" අද අලුත් දවසක් ලව් , කම්මැලි වෙන්නෙ ඇයි?  "
එයා පුංචි ළමයෙක් වගේ , එයාට ලොකු මගේ ටීශර්ට් එකකුත් ඇදන් එහාට පනිනවා , මෙහාට පනිනවා.

" ජිමින් , පැටියෝ ඇයි දගලන්නේ? "
බැරිම තැන ඇද උඩ වාඩිවෙලා ඇස් පොඩිකරනගමන් මන් ඇහුවා.

" මන් සතුටින්නේ  " එයා ආයෙත් ඇදට පැනලා කියනවා.
මගේ පුංචි රෝස මල , එයා හැමදාම ඉන්නේ සතුටින් , කොච්චර ලොකු ප්‍රශ්නයක් වුනත් එයා හිටියේ සතුටින්.

මගේ අවුරුදු තිහට මන් සතුටින් හිටියේ කවද්ද කියලා ඇහුවොත් කිසිම පැකිලීමක් නැතිව මන් කියන්නේ මේ මන් ඉස්සරහා හිටන් ඉන්න පුංචි කෝළම මන් ළග ඉන්න හැමමොහොතකම කියලා.

" දෙයියනේ මගේ බබාලා !!  "
එකපාරම මතක් වෙලා ජිමින් ඇදෙන් පැනලා දුවනවා.

මාත් නැගිටලා එයා පස්සෙන් ගියේ එයා යන්නේ කොහෙටද කියලා මන් දන්න නිසා.

මන් හිතුවා වගේම එයා බැල්කනිය ළගට වෙලා එයාගේ පුංචි පියෝනි මල් දිහා බලන් ඉන්නවා.

" එයාලා මගේ බබාලා "
ජිමින් දිළිසෙන ඇස් වලින් කියනකොට මට හිනා. මේකෝළමත් තාම පුංචි බබෙක් වගේ වෙනකොට එයා කියනවා එයාට බබාලා ඉන්නවලු....

ජිමින් අමාරුවෙන් උස්සන වෝටරින් කෑන් එක අරන් මන් එයා කියන එයාගේ බබාලට වතුර දාන්න ගත්තා.

" වූහ්.......බලන්නකෝ ජන්ග් එයාල හිනාවෙනවා "
ජිමින් නිකටට අත්දෙකත් තියන් මල් වලට ලන් වෙලා බලන් ඉද්දි මන් " ඔව් " කියලා හිමින් උත්තර දුන්නා.

කවදාවත් මල් හිනාවෙනවා නොදැකපු මන් දැක්කා වගේ ලස්සනට බොරු කියන්නේ ඒ පුංචි වචනෙන් ජිමින් සතුටු වෙන නිසා.

මගේ ලොකේ ලොකුම වස්තුව ! ජිමින්.....මන් ආදරෙයි එයාට මහ මෙරක්.







🌼🌼









🍃𝑴𝒚 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒑𝒆𝒐𝒏𝒚 🍃

හදිසි අදහසක් ,පුංචිම පුංචි කතාවක්.

ලස්සනම ලස්සන කවර් පේජ් එක වෙනුවෙන්,

DimelzaPark 𝑻𝒉𝒂𝒏𝒌 𝑼 𝒔𝒐𝒐 𝒎𝒖𝒄𝒉 ,

🌼🌼❤️❤️❤️ ඒකට මන් ගොඩක් ආදරෙයි.

මං කිෂූ 😁
Kishu_Aywar

𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚 Where stories live. Discover now