කාර් එකේ යන අතර මගදි උනත් මට එයාගෙ මූනක්වත් බලන්න ඕනි උනේ නෑ. ඒත් මන් දැක්කා එයා හොරෙන් හොරෙන් මන් දිහා බලනවා. ඇයි කියලාවත් මට අහන්න ඕනි උනේ නෑ. ඒත් එයාට ඕනි උනා මාත් එක්ක කතා කරන්න.

" ඇයි තමුන්ට කතා කරන්න බැරිද ? "

ඔහුගේ හඬ රලුයි. ප්‍රහාරාත්මකයි. වේදනාකාරී. මගේ ඇගම සීතල වෙලා ගියේ හරියට ඒ මනුස්සයා මාව marry කරපු කෙනා නෙවෙයි මාව මරන්න ගෙනියන කෙනා කියලා.

" කන් ඇහෙන්නෙත් නැද්ද ? "

" ඇහෙනවා."

" ආහ් ඇත්තද ? හොදයිනෙ."

මට එවෙලෙම වාහනෙන් බැහැලා යන්න තරම් හැගීමක් ඇති උනේ. ඒ කතා විලාසය , ඒ හැඩ රුව , ඒ දාමරික ඇස් , හැඩි දැඩි සිරුර මේ කිසි දෙයක් මගෙ හිතට ඇල්ලුවෙ නෑ. මන් හිටියෙ හොඳටම බය වෙලා. එක දවසක් ආශ්‍රය කරලා , කවදාවත් දැකලා නැති මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද ? ඒත් ඒ ගෙදර තව මිනිස්සු ඉන්න නිසා හොදයි කියලා මට නිතරම හිතුනා.

විනාඩි ගානක නිහඬතාවයකින් පස්සෙ ඔහු වාහනේ ගෙනාවෙ දැවැන්ත ගේට්ටු පියන් දෙකක් ඉදිරියට. හිතා ගන්නවත් බෑ. film වල Tv series වල ඒ වගේ ගෙවල් දැකලා තිබුනට මන් හැබැහින්ම එහෙම ගෙයක් දැක්කෙ අදමයි. පුංචි ගෙයක් උනත් මන් හිටපු ගෙදර අප්පයි මමයි සතුටෙන් සැනසීමෙන් නිදහසේ හැම තප්පරයක්ම ගෙව්වා. ඒත් මේ මිදුලට පය තිබ්බ වෙලේ ඉදන් මට පෙනුනෙම ඒ සද්දන්ත මන්දිරේ මාව ගිලින්න හදනවා වගේ.

" මොනාද බලන් ඉන්නෙ ?"

" න්... නෑ.. මොනාත් නෑ.. "

මගේ හඩ වෙවුලුවා. මොකද ඒ කටහඩ ඇහුනෙ මගෙ කන අස්සෙන්ම වගේ නිසා. අදුරන කිසිම කෙනෙක් නෑ අඩුම තරමේ මූන බලලා කතා කරන්න කිසිම මනුස්සයෙක් නෑ. ඒත් අතට පයට සෑහෙන්න වැඩකාරයො නම් හිටියා.

" මෙයාට රූම් එක පෙන්නන්න. ඒ ගමන් මේ බෑග් ටිකත් අරන් ගිහින් රූම් එක අස්පස් කරගන්න උදව් කරන්න. මට meeting එකක් තියනවා උදේම මන් ඒකට ලෑස්ති වෙන්න ඕනි."

 
එයා එහෙම කියලා යන්න හැරෙනකොටම මගෙ කට ඉස්සර උනේ ඉන්නෙ කොහෙද කියලාවත් සිහියක් නැතුව.

𝐓ₕₑ 𝐏ₒₛₛₑₛₛᵢᵥₑ 𝐆ᵢᵣₗfᵣᵢₑₙd                                        [ongoing] Where stories live. Discover now