_Chapter 14_

19 7 2
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

" ජීහියා එන්න ඇතුළට.."

ජීහි වචනෙකින් තියා පුංචි හිස සැලීමකින්වත් ප්‍රතිචාර නොදක්වාම ඇයගෙ අලුත් නවාතැනට ඇතුල් වුණා.

" පැංචිට නින්ද ගිහින් නේද.. මං කාමරේ ලෑස්ති කළා ජීහියා ඔයා දරුවව ඇදෙන් තියන්නකෝ.. මං මේ බඩු ටික අරගෙන එන්නම්."

ජීහිට වඩා වයසින් තරමක් වැඩි යැයි කිව හැකි ආදරණීය පෙනුමක් හිමි වුණු තරුණියක් ජීහිට එලෙස පවසද්දි ජීහි එවර නම් යන්තමින් හිස සලලා තරමක් කුඩා නමුත් සුඛෝපභෝගී නිවසක් වුණු ඒ තරුණියගෙ නිවසෙ ඇතුල් කාමර කිහිපය දිහාට ඇවිද ගියා.

ජීහි තරුණියගෙ මග පෙන්වීමක් නැතිවම ඇයට සූදානම් කරල තිබුණ කාමරයට ඇතුල් වෙලා පැංචිව ඇද මතින් තබද්දි නිවස හිමි තරුණියත් ජීහි එක් ගමන් මල්ලක් තල්ලු කරගෙන කාමරේට ආවා.

ජීහි හිටියෙ පැංචි වටේට කොට්ට කිහිපයක් තබන ගමන්.

' ජිනී කිව්ව හරි.. ජීහි ඉන්නෙ හොදටම අවුල් වෙලා.'

එහෙම හිතපු තරුණිය කාමරෙන් එළියට ගියේ ඒ වෙලා ජීහි එක්ක කතා කරන්න හොදම වෙලාව නොවන බව හිතුන නිසා වෙන්නැති. නමුත් ඇය විසිත්ත කාමරයට එනකොටම,

" යේබින් ඔන්නි.."

ජීහිගෙ මලානික හඩ තරුණියට ඇගේ පිටුපසින් ඇසුනා.

" ජීහියා.."

යේබින් ආදරණීයව දෑත් දෙපසට දිගු කරලා හිසෙන් ජීහිට තමන් වෙත එන ලෙස ආරාධනා කරද්දි එතෙක් වෙලා හිර කරගෙන හිටිය කදුලු සිහින් ඉකිඹිදුමකින් පිට කරන ගමන්ම ජීහි යේබින්ගෙ පපුවට තුරුල් වුණා..

" ශ්ශ්ශ්ශ්... අඩන්න එපා මැණික.. හැමදේම හොද විදියට විසදෙයි.. ඔයාට ඕනම කාලයක් මෙහෙ ඉන්න පුලුවන්.. හැබැයි මුලින්ම ඔයා ශක්තිමත් වෙන්න ඕනෙ ජීහියා.."

ජීහිගෙ හිස ආදරෙන් පිරිමදින ගමන් යේබින් එහෙම කිව්වා.

" ඔ.ඔන්නි... ඒ..එයාලා එයාලා ආයෙම මගෙ ම.මගෙ පැංචිව මගෙන්.. උදුර ග.න්න හ..හදයිද ඔන්නී..?"

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now