_Chapter 05_

23 9 31
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

අවටින් හමන සැර ඇල්කොහොල් සුවදට තම නාස් පුඩු හුරු කර ගැනීමට අපහසුවෙන් වුවත් උත්සහ කරමින් යුන්ගි හිටියෙ පෙර දින රාත්‍රියේ ඔහු පැමිණි රාත්‍රී සමාජශාලාව තුළට ඇවිදගෙන යන ගමන්.

නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයෙන් පිට වුණ අවස්ථාවෙදිත් කුලීරථයේ සිටි අවස්ථාවෙදිත් දකින්න තිබුණ නොසන්සුන්බව කලබලකාරීබව වෙනුවට ඔහුගෙන් දකින්න තිබුණෙ පසුබට වන ස්වභාවයක්.

සමාජශාලව තුළට ඔහු ඇවිද ගියත්, තබන තබන අඩියක් පාසා ඔහුගෙ මුහුණට යම්කිසි බයක් වේදනාවක් එකතු වෙනව බව පේන්න තිබුණා.

නොයෙකුත් වර්ගයේ මත්පැන් වර්ග පුරවාලූ වීදුරු අතින් ගත් මිනිසුන් තැන් තැන්වලට වී ඒවායේ රස බලන අතරින් වගේම පෙර දසුනේ දුටු පරිදිම යන්තමින් රහස්‍ය පෙදෙස් වසාගෙන ඔබ මොබ යන ගැහැණුන් අතරින් ඉදිරියට ඇදුන යුන්ගි අකමැත්තෙන් වුණත් ඒ සමාජශාලාවෙ තරමක් දිගට විහිදිලා තිබුණ බා'ර් එකේ එක් තැනක වුණ උස පුටුවකින් අසුන් ගත්තා.

' මේ ඊයෙ වෙලාවමයි. '

' මං කොහොමද එයාව හොයාගන්නෙ.? '

' එයා මෙහෙ ඉන්නව ඇතිද.? '

තමන් සිටි අවට අවදානයෙන් බලන ගමන් යුන්ගි කල්පනා කලා.

කාලය කෙමෙන් ගත වෙලා ගියත් යුන්ගිට ඔහු බලාපොරොත්තු වුණ රුව දැකගන්න ලැබුණෙ නෑ. ඔහුගෙ මුහුණෙ තිබුණෙ ව්‍යාකූල ස්වභාවයක්.

' එයා මෙහෙ ඉන්නව නම්, අනී.. එයා මෙහාට ආව නම්, සමහරවිට එයාට අදත් කරදරයක් නම්., '

අසුන්ගෙන හිටිය පුටුව මතින් බිමට පැන්න යුන්ගි ඒ වන විටත් සංගීත රටාවන්ගේ රිද්මයට නලියමින් සිටි ගැහැණුන් පිරිමින් අතරින් ඒ සමාජ ශාලාවෙ ඉහළ මහළ දිහාට දිව ගියේ අසිහියෙන් වගෙයි.

ඉහළ මහළේ ඉදලා පහළට පැමිණෙන කාන්තාවන් දිහා අපහසුවෙන් වුණත් අවදානයෙන් බලන ගමන් යුන්ගි දෙපස තිබෙන VIP කාමර අතර වුණු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ ඒ කාමර දිහා අවිශ්වාසයෙන් බලන ගමන්.

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now