🩸 Chapter 4

28 9 0
                                    

Few weeks later
.
.
.

At Seoul City

🌺: " ජින්, ඔයා ඔයාගෙ කට්ටියත් එක්ක කැලේ පැත්තට යන්න. අනිත් අය මාත් එක්ක ටවුමෙ මායිමට යං. මූණ කවර් කරගෙන යන්න මතක ඇතුව. හැමෝම පරිස්සමෙන්. ගුඩ් ලක්.👍 "
.
.
.

Same time at the graveyard

🦇️: " අපිව වටකරලා. හැමෝම අවදානෙන් ඉන්න. උන් කොහෙන් හරි මතුවෙන්න පුළුවන්. "

ලී මින්හෝගෙ සේනාව කොටස් තුනයි. එක කට්ටියක් (තේහ්‍යොන්ග්, ජීසෝ වගේ අය) හිටියෙ හ්‍යුන්ශික් යටතේ. නම්ජූන්, හෝසොක්, සැන්බුම් වගේ ඔත්තු බලන අය හිටියෙ දොන්වූක් යටතේ. එතකොට ලී මින්හෝගෙ කට්ටිය අස්සෙ හිටියෙ ශින්හ්‍යෙ වගේ ගොඩක් පරණ කට්ටිය. පාලන කටයුතු සිද්ධ කරේ එයාලා. ඒ වගේම blue blood, red blood, black blood කියල වැම්පයර්ලගෙ වංශ තුනක් තියෙයි.

බ්ලූ බ්ලඩ්ස්ලා කියන්නෙ උසස් වංශයෙ කට්ටිය. එයාලගෙ ලේ තද නිල් පාටයි. ඒ වංශයට අයිති වුණේ අවුරුදු දාහට වැඩි කට්ටිය. කවුරු හරි වැම්පයර් කෙනෙක් අවුරුදු දාහ ලබනවනම් එයා එදා ඉඳන් අයිති වුණේ බ්ලූ බ්ලඩ් වංශයට.

රෙඩ් බ්ලඩ්ස්ලා කියන්නෙ අවුරුදු දාහට අඩු කට්ටිය හිටිය වංශය. මේ කතාවෙදි ගොඩක් වැදගත් වෙන්නෙත් මේ වංශය. මොකද කිව්වොත් මේ වංශයෙ අය තමන්ගෙ කැමැත්තෙන් හරි නැත්තම් හැඟීම්වල වෙනසක් වෙලා මනුස්සයෙක් වෙන්න හිතුවොත් එයාලට මනුස්සයෙක් වෙන්න පුළුවන්. එයාලගෙ ශරීරයෙ තියෙන්නෙ රතු ලේ නිසයි එහෙම වෙලා තියෙන්නෙ. ඒ වගේම අනිත් අයට සාපේක්ෂව මෙයාලට කුරුස, බයිබලය, ශුද්ධ වූ ජලය, ආයුධවලින් වෙන බලපෑම් අඩුයි. තේහ්‍යොන්ග්, ජීසෝ, හෝසොක්, නම්ජූන්, හ්‍යුන්ශික්, සැන්බුම් වගේ අය අයිති වුණේ මේ වංශයට.

එතකොට බ්ලැක් බ්ලඩ්ස්ලා කියන්නෙ රෙඩ් බ්ලඩ්, බ්ලූ බ්ලඩ් වංශ දෙකටම වඩා හාත්පසින්ම වෙනස් කට්ටියක්. මනුස්සයො විදිහට ඉන්න කාලෙ එක එක ජාතියෙ අකටයුතුකම්, මැරකම්, අපරාධ කෙරුව අය මැරුණට පස්සෙ එකතුවෙන්නෙ බ්ලැක් බ්ලඩ් වංශයට. මෙයාලා අනිත් වංශවල අයට වඩා ගොඩක් දරුණු වගේම කපටි අය. බ්ලැක් බ්ලඩ්ස්ලගෙ ලේ කළු පාටයි. ඉස්සරහට බ්ලැක් බ්ලඩ් සෙට් එකක් එනවා. ඒ ගැන පස්සෙ කියන්නම්.

🩸Blood🩸 [Taennie] [slow updates]Donde viven las historias. Descúbrelo ahora