මේකි ආස ඇති කොල්ලෙක් වෙලා කෙල්ලන්ව යටට ගන්න!

මේ වගේ උන් සාපයක්! නිකං සමාජේට විහිලුවක් වෙනවා!

එයා අසරන උනා! සමාජේ එයාව දැක්කේ විකෘතියක් විදිහට! පිරුනු පපුවක් නෑයි කියලා එයා අහස උසට විවේචන වින්දා! එයාගේ යාලුවෝ , එයා ආදරේ කරපු කොල්ලා පවා එයාව සම්පූර්නයෙන් ප්‍රතික්ශේප කලේ එයා ජරාවක් කියලා!

ඔයා දන්නවා කූ... අව්රුදු ගානක් සමලිංගික මිනිස්සු සටන් කරලා කරලා එයාලගේ අයිතීන් දිනාගත්තා ආදරේ කරන්න විවාහා වෙන්න! ඒත්... සමාජෙන් ඒදේ යාන්තමට හරි පිලිගත්තත් හරි හමන් gender identity එකක් නැති මිනිස්සුන්ව හැමදාමත් කොන්කලා, හංවඩු ගැහුවා! සමාජේ හරි කුහකයි කූ... ඉතින් අර අසනීපේ නිසා විකෘතියක් උනු ටේනාව සමාජේ දැක්කෙත් හරි හමන් gender identity එකක් නැති කෙනෙක් විදිහට! එයාව පුලුවන් තරම් කොන් කලා, හංවඩු ගැහුවා.. හැමෝම එකතුවෙලා!!

එයා නිසා තමංගේ දෙමාපියන්ට පවා සමාජෙන් දුශ්ට කතා අහන්න වෙද්දි ටේනා විදෙව්වා ඕනවටත් වඩා!! අව්රුදු එකහමාරක් විතර ඉවසුව එයා ඉවසලා බැරිම තැන එයා තීරනයක් ගත්තා!!

කොල්ලෙක් වෙන්න... සමාජෙන් වගේම එයත් ටේනා කියන චරිතේ ප්‍රතික්ශේප කලා!!

ඉතින් එයා කොල්ලෙක් උනා... එයා තමන් ඉපදුනු දවසේ ඉදන් හැදුනු ඒත් වෛර කරන්න පටන්ගත්තු ඩේගු අතෑරලා සෝල් ආවා... අලුත්ම චරිතයක් විදිහට! එදා එයා සෝල් station එකන් බහිද්දිම එයා Kim Taena කියන චරිතේ Kim Taehyung ඇතුලේ සදහටම හංගලා දැම්මා...

මේ තරම් කාලයක් ශක්තිමත්ව හිටියට ස්තූතියි TAENA

KIM TAEHYUNG... දැන් ඔයාට එලියට එන්න , ඔයා වෙන්න කාලේ හරි...

එයා එදා ඒ විදිහට අලුත් Kim Taehyung චරිතෙට පන දෙන්න පටන් ගත්තා...

ඒ වගේම එයා cancer hospital එකේ ඉන්න කාලේ එයා දැක්කා cancer හැදුනු පොඩි ලමයි එයා වගේම දුක් විදින විදිහ! එයාට ඕනේ උනා ඒ ලමයින්ට nurse කෙනෙක් වෙලා එයාට පුලුවන් විදිහට උදව් කරන්න. එයා ඒ වෙනුවෙන් breast operation එකෙන් පස්සෙම සමාජේ ගැරහුම් දරාගෙන ඉගන ගත්තා. එයා කොල්ලෙක් විදිහට වෙනස් උනයින් පස්සේ එයා ඒ හීනෙට තවත් ආදරේ කරන්න පටන්ගත්තා. මොකද එයා දැන් කොල්ලෙක් නිසා එයාට අම්මෙක් වෙන්න බැරි වෙන එක නිසාම එයා තීරනය කලා ඒ දරුවන්ට අම්මෙක් වෙන්න.

ඒත් මගේ කූ... එයා කොල්ලෙක් විදිහට පරිවර්තනය උනත් එයා කෙල්ලෙක්! එයාගේ හැගීම් කෙල්ලෙක්ගේ! ඉතින් එයාගේ හිත ආකර්ශනය උනෙත් ආදරේ කරන්න ගත්තෙත් කොල්ලෙක්ට! එයාගේ පිටත් පෙනුම දැක්කම මිනිස්සු එයාව gay_ සමලිංගිකයෙක් කියලා පිලිගත්තට එයාගේ ඇතුලාන්තයේ තියන ඒ හදවත straight හදවතක්! එයා gay උන්නෑ මගේ කූ එයා straight, ටේනා කියන චරිතෙට අනුව!

ඒ වගේම ඔයා දවසක් මේ Kim Taehyung ගෙන් පෙන්නලා ඇහුව ගව්ම් වෙන කාගෙවත් නෙවේ කූ, ඒවා Taena ගේ!

ඔයා එදා පෙන්නලා ඇහුව බෙහෙත්... ඒවත් Taena ගේ මගේ කූ!

ඉතින්... මගේ කූ...

Teana ~
ඔව් මං එයාව දන්නවා... හොදටම දන්නවා!! මං STRAIGHT වෙන්න හේතුව එයා තමයි JEON JUNGKOOK!!

ඔයාට තේරුනා නේද මගේ කූ..?

Kim Taena කියන්නේ සමාජේ වගේම Taena මත් ප්‍රතික්ශේප කරපු කරපු නිසා වෙනස්ම කෙනෙක් උනු Kim Taehyung ගේ අව්රුදු දෙකකට කලින් ස්වරූපේ! Kim Taehyung ගේ ඇතුලේ තියන ඒ හිතේ ඉපදෙන හැගීම් වල අයිතිකාරි!

' මං මගේ කදුලු හිරකරන් ඒ හැමදේම කියලා ඉවර වෙද්දි කූ අතින් කට වහගෙන කදුලු පෙර පෙර අඩනවා! මං දන්නෑ කූ ඔයා ගෑනියෙක්ව ඉදලා වෙනස් උනු මාව දැන් පිලිගන්න කැමති වෙයිද කියලා... ඔයාට කැමති තීරනයක් ගන්න මගේ කූ... මං යන්නම් ඔයාට මාව එපානම් ඔයාගෙන් ඈතකට_ ඔයාගේ පැටියත් එක්කම... මගේ කූ~ '

🐯 : මට සමාවෙන්න මගේ කූ... මේ දේවල් හංගන් ඉදලා ඔය හිත රිද්දන්න හිතුවෙ නෑ මං... උන එකම දේ මං ඒ ජරා අතීතෙට වෛර කරන්න ගත්තු එක විතරමයි... ඉතින් ඔය හිත රිද්දුවට මට සමාවෙන්න කූ...

______________________________________✿This is AUTHOR :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________
✿This is AUTHOR :

සමාජය නම් වෙලාවකට කුනු ගොඩක්!

කියවන ඔයාට තේරුන් නැති දෙයක් තිබුනොත් අහන් යන්න :)

Good Bye ma firefly or Fireflies! ❤️

______________________________________ •by Soohi1993

¢ℓιмαχ <тк> ✔Where stories live. Discover now