Part 12

265 43 5
                                    

Two Years Later.....

" මහ ජරා ට්‍රැෆික් එකක් මේක" ජිමින් කිව්වෙ ආවේගයෙන් වාහනෙ නලාව හඬවන ගමන්. තමන්ගේ දුරකතනය දිහා බලාගෙන  ඉඳපූ ජොන්කුක්  වචනයක්වත් නොකියා සිහින්ව හිනා උනා විතරයි..

" බඩගිනි ද?" ජිමින් ආපහු අහද්දි ජොන්කුක් දුරකතනයෙන් මෑත් උනා.

" හ්ම්.. ටිකක්.. ෆ්ලයිට් එකේ කෑමනම් ජරාවක්.." ජොන්කුක් කිව්වෙ නුලක් වගේ දිගට ඇදෙන වාහන පේලිය දෙස බලමින්.. රාත්‍රී අන්ධකාරය පරයමින් නැඟී ආ හඳ අවට හොඳින් ආලෝකමත් කර තිබුණා. පාලම උඩින් ගං දැල සිපගෙන හමායන හුලඟ තරමක් තද  ස්වභාවයක් ගත්තත් ජොන්කුක් නිහඬවම වීදුරුවෙන් එපිට බලාගෙන හිටියා.. ඔහු කාලෙකට පසුව සුපුරුදු සුවඳින් පෙනහළු පුරවගත්තා.. බොහොම ආයාසයෙන් යටපත් කරගෙන ඉඳපු අතීත මතකයන් වාන් දොර ඇරියා වගේ ජොන්කුක්ගෙ මතකයට ආවා. ඔහු ඒ මතකයන් වලින් මෑත් උනේ ගිලන් රථයක සයිරන් නලාවෙ හඬ ඇහෙනවත් එක්කමයි.

" ශිට් ඇක්සිඩන්ට් එකක් වගේ.." ජිමින් කියද්දි ජොන්කුක් ඉබේටම වීදුරුවෙන් මෙපිට බැලුවා.  ඉදිරිපස තැලී පොඩි වී ගියපු කළු පැහැති මර්සිඩීස් රථය දිහා බැලූ විට එහි ගමන් ගත් මගීන්ගේ ජීවිත ගැන හිතාගන්නට පුළුවන් විය.

දිගු සුසුමක් හෙලූ ජොන්කුක්ගෙ ඇස් ඊලඟට නැවතුනේ එම රථය ආසන්නයේ නවතා තිබූ ගිලන් රථය වෙතටය. එසැනින්ම තුවාලකරවන් ගෙන යන ට්‍රොලිය දෙස බැලූ ජොන්කුක්ගෙ හුස්ම මොහොතකට නැවතිනි.

" නවත්තන්න...!!!!!!" ජොන්කුක්ගෙ කෑගැසීමට බය උන ජිමින්ට ඉබේටම වගේ තිරිංගය පෑගිනි..

ඉන්පසු සිදුවූ සියල්ලම ඔවුන්ට හීනයක් මෙන් විය...

.
.
.
.
.
.
.
.
.

පැය පහකට පසු...

ජොන්කුක් සිටියේ ඔහුගේ ජීවිත කාලය තුල දරාගන්නට අපහසුම පැය කිහිපය ගත කරමින්.. දෛවය මොනතරම් කෲර විදියට ඔහුගෙ ජීවිතය පාලනය කරනවාදැයි ඔහුට හිතුනා. ලෙයින් පෙගී ගිය ඔහුගේ සුදු පැහැති ටී ෂර්ට් එක දිහා බැලූ ජොන්කුක්ගෙ කඳුළු නැවතත් අලුත් උනා. ඔහුගෙ උගුරේ සීරවී තිබූ යම් දෙයක් මහත් ආයාසයකින් ගිල දැමීමට ජොන්කුක් උත්සාහ කරා. බිමට බරව තිබූ ඔහුගෙ හිස එසවුනේ හදිසි අනතුරු ඒකකයේ දොර හැරීමත් සමගිනි..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" කණගාටුයි.. අපිට ඒ දෙන්නගෙන් එක්කෙනයි බේර ගන්න පුළුවන්  උනේ.....!!!!"


Pure Love || KTH || JJK || Mini Series Where stories live. Discover now