Part 10

158 42 1
                                    

කාලය ගත උනා..

ජොන්කුක් ඉයුජින් ටේහ්යොන්ග් එයාලගෙ ලෝක වල එයාලගෙ හීන වල අතරමං උනා.. මේ කාලය තුල ටේහ්යොන්ග් සහ ජොන්කුක් අතර හොඳ යාළුකමකුත් ඇති උනා.. ජොන්කුක් දකින වාරයක් පාසා ඔහුට විහිලු කරන්න ටේහ්යොන්ග් පුරුදු වෙලා හිටියා. ජොන්කුක්ට ටේහ්යොන්ග් ගැන හිතේ තිබුණෙ හොඳ පැහැදීමක්. අඩු තරමෙ නූනා ලැබූන්නෙ හොඳ අත් දෙකකට කියලා සැනසෙන්න ඔහුට පුළුවන් උනා. අනෙත් පසින් ජොන්කුක් ඉයුජින් ගැන අමතක කරන්න ගොඩක් උත්සහ කළා.. මුලදි මුලදි ඒ උත්සාහය තේරුමක් නැති දෙයක් කියලා හිතුනත් කාලයත් එක්ක ඒ හැඟීම යටපත් කරගන්න ඔහු සමත් උනා. තවත් කාලයක් ගත වෙද්දි ඉයුජින්ව අමතක කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් ජොන්කුක් එයාගේ ජීවිතේ හීන වෙනුවෙන් කැප උනා..
.
.
.
.
.
.
.

උදේම තමන්ගේ ආට් ගැලරි එකට ආපු ජොන්කුක් දොර ඇරපු ගමන් ලියුම් පෙට්ටියෙ තිබුණු ලියුම් ටික අතට ගත්තා. ඒ ටික කඩන්න කලින් උඩින් පල්ලෙන් බලද්දි රෝස පාට ලියුම් කවරයකට ජොන්කුක්ගෙ ඇහැ ඇදුනා. එහි සටහන් වෙලා තිබුණ ලිපිනය ඔහුට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. තමන්ගෙ ලිපිනයටත් වඩා හොඳට ජොන්කුක්ට ඒ ලිපිනය මතකෙ තිබුණා.  අනෙක් ලියුම් ටික මේසෙන් තියපු ජොන්කුක් දෙගිඩියාවෙන් අර රෝස පාට ලියුම් කවරය කැඩුවා. වැදගත් පෙනුමක් තියෙන මිල අධික කාඩ් එකක් එහි දකින්නට ලැබුණා. බැලූ බැල්මටම ඒ මොකක්ද කියලා ජොන්කුක්ට කියන්න පුළුවන් උනත් වෙව්ලන ඇඟිලි වලින් ඔහු ඒ කාඩ් එක දිගෑරලා බැලුවා..

..................

විවාහය සඳහා ඇරයුමයි!

කිම් ටේහ්යොන්ග් සහ සොන් ඉයුජින්
........................

නිහඬවම ඒ කාඩ් එක දිහා බලාගෙන ඉඳපු ජොන්කුක්ගේ කම්මුල දිගේ රූටාගෙන ආ කඳුළු බිදුවක් ටික් හඬ නඟමින් ඒ කාඩ් එක මතට වැටුණා..

Pure Love || KTH || JJK || Mini Series Where stories live. Discover now