Part 4

157 46 1
                                    

වෙනදා වගේම ගේට්ටුවෙන් එලියට එද්දිම ඉයුජින් ජොන්කුක් ලඟට ආවා.  හැබැයි කලින්ට වඩා හාත්පසින්ම වෙනස් විදියට. වෙනදට දඟකාර විදියට ජොන්කුක්ගෙ ඇඟේ එල්ලෙනවා වෙනුවට ඉයුජින් හෙමිහිට ඇවිත් ජොන්කුක්ගෙ පපුවට ඔලුව තියලා ඔහුට තුරුළු උනා. ජොන්කුක්ගෙ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.. ඔහුගෙ එක අතක් ඉයුජින්ගෙ සිහින් ඉඟෙත් තව අතක් ඉයුජින්ගෙ හිස පිටුපසත් රැඳෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

" කුකී..." ඉයුජින්ගෙ ස්වරයෙන්ම ඇය හඬන බව ජොන්කුක් වටහා ගත්තා...

" නූනා... ඇයි මේ... ඇයි මේ අඬන්නෙ.. කවුරු හරි මොනවා හරි කිව්වද? ආහ්.." ජොන්කුක්ගෙ හඬේ නොඉවසිලිමත් බව වැඩි උනා.. ඔහුට ඕනි උනේ ඉයුජින්ගෙ කඳුළු වලට හේතුව හොයලා ඉක්මණටම ඒක නැති කරලා දාන්න...

" අනී... මට සතුටුයි..." ඉයුජින් ජොන්කුක්ගෙ පපුවෙන් මෑත් වෙලා කියද්දි ජොන්කුක් සැනසුම් සුසුමක් හෙලුවා.

" ඉතින් ඕකට අඬන්නම ඕනිද? " ජොන්කුක් මෘදුව අහලා ඉයුජින්ගෙ අකීකරු කෙස් කලඹ කන පිටුපස රැදෙව්වා...

" ටේහ්යොන්ග් සම්බේ.. ටේහ්යොන්ග් සම්බේ මාත් එක්ක කතා කලා... " ඉයුජින්ගෙ වචන ජොන්කුක්ගෙ කන වැකෙනවත් එක්කම ජොන්කුක්ගෙ ඇස්වලට කඳුළු ඉනුවා. ' ඇයි හැමදේම එයාගෙන් නතර වෙන්නෙ.. ඇයි ඔයාගෙ හැම සතුටකම හේතුව එයා වෙන්නෙ නූනා..' ජොන්කුක්ට එහෙම අහන්න හිතුනත් ඔහු මුවින් නොබැන ඉයුජින්ගෙ හිස මෘදුව අත ගෑවා..

" ඉතින් හොඳයිනෙ.. ඔයාට ඕනි උන දේම නේද ඒ?" ජොන්කුක් අහද්දි ඉයුජින් ඔව් කියන්න ඔලුව වැනුවා...

" මට සතුටුයි කුකී... කවදාවත් මම ආස කරපු දෙයක් මට ලැබිලා නැහැ.. ඒත් ජීවිතේ පලවෙනි වතාවට මම ආස කරන කෙනෙක් මගේ වෙන්න යනවා.." ඉයුජින්ගෙ හඬ ඕනවටත් වඩා බලාපොරොත්තු වලින් පිරිලා තිබුණා. ජොන්කුක්ට ඒ වෙලාවේ හිතට බයක් දැනුණා. ඒ ඔහුගේ ආදරය ඔහුට සදහටම අහිමි වේදෝයි කියන බය නෙවෙයි. ඉයුජින්ගෙ මේ බලාපොරොත්තුව බිඳ වැටේදෝයි කියන බය ජොන්කුක්ට දැනුණා...

Pure Love || KTH || JJK || Mini Series Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα