2.

171 50 6
                                    

" මුලින්ම අපි "
ජන්කුක් ගොරෝසු හඩින් කියනකොට තරුණයා ටිකක් වෙලා ජන්කුක් දිහා බලන් ඉදලා ඔලුව වැනුවා.

ඒගමන්ම වගේ ලිෆ්ට් එක ටිකක් හෙල්ලුනා. එකේ ආදාරක කේබල් කැඩිලා වෙන්න ඕන.

" හරි ඉක්මන් කරන්න , මන් හිතන්නේ මේ හතරවෙනි තට්ටුව , තව දුර යන්න ඕන " එයා ඒගමන්ම කිව්වා.

හොද ලොකු හුස්මක් ගත්තු ජන්කුක් ජිමින් දිහාවට හැරුණා

" ජිමින් ඔයා මුලින් " කියලා කිව්ව ජන්කුක් ජිමින්ගේ අතින් අල්ලලා ලගට අරන් වැලද ගත්තා.

ඊටපස්සේ ජිමින්ගේ හිනි ඉනෙන් අල්ලලා උඩට ඉස්සුවා.

" පරිස්සමෙන් " ජිමින් උඩට බඩ ගානකොට ජන්කුක්ගේ තමන්ට කියන සද්දේ ඇහුනා.

ජිමින් ඉක්මනට අනිත් පැත්ත හැරිලා ජන්කුක්ට එන්න උදව්වෙන්න පුංචි ඉඩෙන් අත පහලට කරා .

ජන්කුක් ජිමින්ගේ අතින් අල්ලගන්නකොට ජන්කුක් අමාරුවෙන් උඩට ගොඩවෙන්න පටන් ගත්තා.

ජන්කුක් උඩට ආපු ගමන් හුස්මකුත් අරන් බිම වාඩිවුනා. ඒ අතරතුර ජිමින් ජන්කුක්ව තද කරලා වැලදගත්තේ එයාවත් නොදන්න අමුතු හැගීමකට.

ඒ අතර තුර තරුණිය උඩට එන්න උත්සහ දරමින් ඉන්නවා.

" ජන්කුක් "
ජිමින් ජන්කුක්ට තට්ටුවක් දාලා එයාලට උදව් කරමු කියලා කිව්වා.

" මගේ අත අල්ලගන්න "
ජන්කුක් තරුණියට කියනකොට තරුණිය ජන්කුක් අත අමාරුවෙන් අල්ලගන්න ගියත් ඊලග ඇහුණු කේබල් කැඩෙන සද්දෙත් එක්ක තරුණ යුවලත් එක්කම සෝපාව පහලට කඩන් වැටුනා.

ජිමින් වගේම ජන්කුක් හිටියේත් ඇස් දෙකට දැක්ක දේගැන බයවෙලා.

ටිකක් වෙලා හිටි පියවරින්ම හිටිය ජන්කුක් හා ජිමින් ඊටපස්සේ නැගිටලා දුවන්න ගත්තේ තවත් මෙහෙම ඉන්න එක ගොඩක් අනතුරු දායක් නිසා.

පඩිපෙල දිගේ දැන් එතරම් සෙනගක් නොවුනත් ඉන්න පිරිස හරිම ආක්‍රමණශිලී විදියට එකිනෙකා තල්ලු කරගෙන ඉස්සරහට යනවා.

ජන්කුක් ජිමින්ගේ අත තදින් අල්ලන් හිටියේ අතඇරෙන් නැති වෙන්න.


මෙතනට වෙනකන් ආපු අය good job 😚👍

5 වෙනි පිටුවට යන්න.
යන්න කිව්වට ටිකක් ඉන්න ඉතින් 🤧 ඒටික දැන්ම එන්නෑ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕝𝕖𝕥'𝕤 𝕘𝕠 Where stories live. Discover now