" ඇයි බැරිද ? "

"  නෑ නෑ දෙන්නම්. ඒත් මොකටද ? "

" මම පස්සෙ කියන්නම්කො ඔයාට මොකටද කියලා. "

"ම්ම් හරී."

ඇය ඔලුව උඩට පහලට වනමින් එයට එකග වූයේ නැවත්ත තරුණයා ඇගෙ නලල මත කුඩා හාදුවක් තබද්දීයි.

Flach Back End


" ඔ...ඔප්පට කොහෙන්ද ම්....මේවා...හම්බුනේ? "

රෝස් ජින් දෙසට හැරී ඉකිබිදුමක් පිටකරමින් ඇසුවෙ තමාගෙ නැගනිය වූ ජෙනී මියයාමට පෙර ඇදි සියලු සිතුවම් වලින් සම්පූර්ණ උඩුමහලම පිරි තිබූ නිසයි.

" මම නෙවේ ටේහියුන් තමා ඕවා එකතු කලේ ජෙනිගෙ 18 වෙනි උපන්දිනෙ දවසට ඒ සේරම චිත්‍ර මේ විදියට එක තැනකට එකතු කරලා එයාව පුදුම කරන්න."

ජින් අහිංසක හිනාවකින් මුව සරසාගෙන රෝස් දෙසට හැරී කිවෙ ටේහියුන්ගෙ උරහිසට සෙමින් තට්ටු කරමිනුයි.

" ජින් හියුන්ගිගෙන් මම ඉල්ලුවට මෙදේ කරලා දෙන්න කියලා ජින් හියුන්ගි ඊට මාසෙකට පස්සෙ රට ගිය නිසා මම බලාපොරොත්තු වුනේ නෑ."

" ඕහ් කොල්ලො. දන්නවනෙ ජින් හියුන්ගැන. ජෙනී නැති නිසා මම ඔය දෙන්නව පුදුම කරවන්න හැමදෙම එහෙ ඉදන් ලෑස්ති කලා. මට මෙහෙ වුන සිදුවීම් එක්ක තවත් කොරියාවෙ ඉන්න හිත දුන්නෑ ඒකයි මම ගියේ.ඒත් තවත් එහෙම ඉන්න බැරිනිසයි මම ඔයාලට උදව් කරන්න ආවෙ.අද ඉදන් ඔයාලගෙ හැම දේකටම මම උදව් කරනවා."

" ඒ කියන්නෙ ඔප්පා ආපහු යන්නැද්ද? "
රෝස් ඇසුවෙ ජින්ව තදින් බදාගනිමිනුයි.

" නෑ ආපහු කවදාවත් ඔය දෙන්නව තනිකරන්නෑ. "

" රෝස් ඔයා ඔය ටික බලන්න මට හියුන් එක්ක තනියම කතා කරන්න ඕනි."

" හරි ටේ."

රෝස්  ඔවුන් දෙදෙනාටම ආචාරකොට ඉදිරියට ඇවිද උඅම සැටි ටික මොහොතක් බලාසිටි ටේහියුන් ජින්වත් රැගෙන පහළ මහලට ගියෙ ජින් උවමනාවෙන් ටේහියුන් දෙස බලා සිටිද්දීයි.

විනාඩි දෙක තුනක නිශ්ශබ්දතාවයකින් පසු ට්‍රෙ හියුන් උගුරපදා පුටුවෙ හරිබරි ගැසී වාඩි වූයෙ මෙතෙක් වෙලා සිතෙ සිරකරගෙන සිටි දෙය ජින්ට පැවසීමටයි.ජිනුත් පුටුවෙ හරියට හේත්තු වී කකුලක් පිට කකුලක් දමා ගත්තේ ටේහියුන් හට හොදින් අවදානය ලබා දෙමිනුයි.

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now