52.අවසාන කොටස (¡)💥

1K 143 62
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
.
.
.
.
.
ආව මනුස්සයා ගෑස් එකත් උස්සන් ඇලිස්ගෙ පස්සෙන් කුස්සියටම ආවා....අවී හිටියෙ දොරට පිටුපාලා නිසා තවම ඇලිස්ලව දැක්කෙ නෑ....

"පුංචි මහත්තයා ....මේ ගෑස් එක ගෙනැල්ලා....."

ඇලිස් එහෙම කියාගෙනම ඉස්සරහට යද්දි ළගම තිබුණ දර පොල්ලක් අරන් අර ආව මිනිහා ගහන්න හැදුවෙ අවීට....එකපාරටම වෙන්න යන දේ ගැන අවී පුදුම වෙද්දි ඇලිස් දෙපාරක් නොහිතා මැදට පැන්නා...ඒ නිසා අවීට ගහපු පාර වැදුණෙ ඇලිස්ගෙ උරහිසට....

"මහත්තයා දුවන්න......පුංචි මහත්තයා ........"

ඇලිස් බිම වැටීගෙනම අවීට දුවන්න කියද්දි අර මිනිහගෙන් තව පාරක් ඇලිස්ට වැදුණා.....

"අහ්හ්......."

ඇලිස් අමාරුවෙන් අර මිනිහා එක්ක පොර බදද්දි අවී කරන්න දෙයක් හිතාගන්න බැරුව ළඟ තිබ්බ තව දර පොල්ලක් අතට ගත්තා...ඒ එක්කම අර මිනිහා ආයෙමත් අවීට ගහන්න පනිද්දි ඇලිස් ඒ මිනිහගෙ කකුල අල්ලගත්ත නිසා ඒ කේන්තියට ගහපු පාර ඇලිස්ගෙ ඔලුවටම වැදුණා....

"ම්.....හ....ත්....තයා......"

ඒ පාරත් එක්ක ඇලිස් සිහි නැතිවෙලා  බිමටම වැටෙද්දි අවී පුලුවන් තරම් හිතට හයිය අරන් අර මිනිහා එක්ක පොර බැදුවා....දන්න ක්‍රම ශිල්ප ඔක්කොම දාලා අර මිනිහා එක්ක අවී ගහගන්න පටන් ගත්තෙ පොලු මුගුරු ඔක්කොම විසි කරලා....ඔය අතරෙ අහම්බෙන් වගේ අවීගෙ නෙත ගැටුනෙ දොර ළඟින් ඇතුළට එන්න යන ඇලිස්ගෙ පුතාව...එයත් ආවොත් මෙතන එයාටත් කරදරයක් වෙන්න පුලුවන් කියලා හිතපු අවී පුලුවන් උපරිම සද්දෙන් කෑගැහුවෙ එයා මෙතනට එන එක වළක්වන්න වගේම කාගෙන් හරි උදව් ඉල්ලන්න එයාව යොමු කරවන්න.....

"උදව් කරන්න.......උදාව්......."

අවී හිතුවා වගේම කොල්ලා ආව තැනම නතර වෙලා ආපස්සට දිව්වෙ කුස්සියෙ මොකක් නමුත් නරක දෙයක් සිද්ධවෙනවා කියලා තේරුණ නිසා...පොඩි එකා බයවුණ පාර දුවලා දුවලා එළියට ගියා....(කොල්ලා තාම 6 වසරෙ හොදේ .....)බයවෙලා අඩන කොල්ලව දැක්ක එක ගාඩ් කෙනෙක් කොල්ලා ළගට ආවා...

"ඇයි කොල්ලො අඩන්නෙ.....?"

"😭😭😭😭....ඇතුලෙ....ඇතුලෙ.....උදව් ඉල්ලනවා ....."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now