ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ............
.
.
.
පෙර කොටසින්........"මල්ලි ඔයා අවිනාශ් දුනුසිංහ නේද......?"
මගේ බොක්කලා දෙන්නා එනකම් gate එක ළගට වෙලා හිටපු මගෙන් ටිකක් වැදගත් වගේ පෙනුමක් තියන කොල්ලෙක් ඇහුවා.....උගේ පෙනුමත් වැදගත් වගේ නිසා ආඩම්බරකම පැත්තකට දාලා මං ඌ එක්ක කතා කළා.....
"ඔව් අයියෙ.....ඇයි........?"
.
.
.
.
.
.
.........................................................................." මල්ලි මාව දන්නෙ නෑ මං හිතන්නෙ....."
" ඔව් මං ඔයාව මීට කලින් දැකලා නෑ....."
" රුක්ෂාන් දිමන්ත.......ඔයාගෙ තාත්තගෙ secretaryගෙ පුතා......"
" ආහ් ඔයා.....තාත්තද එව්වෙ......😏.....?"
තාත්තගෙ හැටි දන්න නිසාම මම නෝන්ඩියට හිනාවෙලා එහෙම ඇහුවම එයාගෙ මූණ වෙනස් වෙනවා මං හොදටම දැක්කා....ඒත් ඇයි.....මට හිතන්න උවමනාවක් නෑ....එයාව මගෑරලා මං එතනින් එන්න ආවත් එයා මාව නැවැත්තුවා......
" පොඩ්ඩක් ඉන්න මල්ලි......මාව එව්වෙ uncle නම් නෙමෙයි...plz තරහා ගන්න එපා....."
එයා ඇස්වල කදුලු පුරවන් එහෙම කියද්දි මගේ හිතටත් මොකද්ද වුණා....ඒත් මම කොහොමද මෙයාව විශ්වාස කරන්නෙ.....? තාත්තා එව්වෙත් නැත්නම් මෙයා මොකටද ආවෙ......?
" මල්ලිට පුදුම ඇති නේද uncle කිව්වෙත් නැතුව මං මොකටද ඔයාව හොයන් ආවෙ කියලා...."
හරියටම මගේ හිත කියෙව්වා වගේ එයා එහෙම කිව්වම මම පුදුම වෙලා වගේ එයා දිහා බැලුවා.....
" එහෙනම් මොකටද මාව හොයන් ආවෙ.......?"
" මං හේතුවක් දන්නෙ නම් නෑ මට නිකම් මල්ලිව බලලා කතා කරලා යන්න හිතුණා...."
ආයෙමත් එයාගෙ පිළිතුරෙන් මම අන්ද මන්ද වුණා.....ඒත් එක්කම දිනුවයි නුහායි ආව නිසා මට බීම බෝතලේකුත් දීලා එයා හිනාවෙලා යන්නම් කියලා ගියා...එයාව වැඩිය ගණන් ගන්නෙ නැතුව මම අරුන් දෙන්නට සෙට් වුණා....උන් දෙන්නා Cream Soda බොන්නෙ නැති නිසා ඒ චූටි බීම බෝතලේ මම බීලා දැම්මා.......
කතාවෙන් කතාව මට රුක්ෂාන් අයියව අමතකම වෙලා ගියා.....දිනුවයි නුහායි ගෙදර යන්න පිටත් වුණාම මාත් මගේ car එකට නැගලා ගෙදරට යන්න වාහනේ පාරට දැම්මා.....ගෙදර ගිහින් නිදාගන්න යද්දි තමයි මට ආයෙමත් රුක්ෂාන් අයියව මතක් වුණේ.....
YOU ARE READING
🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction Completed )
Non-Fictionජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව සමාජය ආයෙ පිළිගනීද........? 🩸