8.නිමක් නැති වේදනා 💔

1.6K 260 37
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
සැනසුමක් නැති වුණත් පෙනෙනෙ තෙක් මානයක..
සුසුම් පොද අතහැරන් නික්ම යන්නට නොහැක..
සිහිනෙකින්වත් වරද නොකළාට කිසිදාක..
ගිලෙන්නට සිදු වුණේ අනේ මට දුක් ගඟක..

හැර ගියත් මා තනිව ළඟින් සිටි ඒ සැවොම..
හෙළන්නට බැහැ ඔවුන් අනතුරක නම් මෙහෙම..
සිදු වුවත් නෙතු වසන් මියැදෙන්න විගසින්ම..
කම් නොමැත රිදුම් උහුලනවාට මෙතරම්ම..

අවී.. 💔

(තැම්කූ  ශිහාරාMshihara අක්කියෝ ❤️)

පැය කිහිපයක කල්පනාවක හිටපු මං කල්පනාවෙන් මිදුණෙ බස් එක නවත්තපු නිසා......

11.30 වෙද්දි දියත හරියට ආව මං ළගම තිබ්බ කඩේකට ගිහින් කෑම කෑවා.....රුක්ෂාන් එනවා කිව්වෙ 2ට නිසා මට තව වෙලාව ඉතුරු වෙලා තිබුණා.....

කෑම කාපු කඩේ එහාපැත්තෙන් තිබ්බ Communication එකකට ගියපු මම මගේ O/l ,A/l Certificates ටික අරගත්තා......Private Campus එකකට management course එකක් කරන්න ගියත් ඔයාලට මතක ඇති මං කිව්වා මං A/l  කළේ maths වලින් කියලා......A/l , O/l results හොදට තිබ්බ නිසා ඒ ගතපු සහතික දෙක මට ගොඩාක් වටිනවා.....වෙලාවට මගෙ purse එකේ exam index numbers ටික තිබ්බෙ.....ගතපු Certificates දෙකත් file එකක් අරන් දාගතපු මං මට job එකක් ලැබෙයි කියලා හිතන්න පුලුවන් සාමාන්‍ය ප්‍රමාණයේ Company කීපයකටම ගියත් ඒ කිසිම තැනක මට job එකක් හොයාගන්න බැරි වුණේ Vacancies තිබ්බෙ නැති නිසා.......ජීවිතේ අසරණකම ඕනවටත් වඩා දැනෙද්දි මම අන්තෙටම කඩා වැටිලා හිටියෙ.....ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැතත් දුල්මිණ මල්ලිට කරදරයක් කරන්න බැරි නිසාමයි මං job එකක් හෙව්වෙ......ඒත් ඒකට වත් මට chance එකක් නෑ ......මෙහේ ඉදන් අපේ ගෙදරට ගොඩාක් ළඟ නිසයි මගේ පරණ යාලුවො මාව දකියි කියලා හිතපු නිසයි මං ඉක්මනටම milkshake එකකුත් අරන් දියතට ආවා......1.30යි වෙලාව.....හ්ම්ම්......දැන් ඌ එනවා ඇති.....

එදා මාව දුල්මිණ hospital ගෙනෙද්දි මගේ ළඟ තිබ්බ purse එකයි 4n එකයි විතරයි මගේ ළඟ තිබ්බෙ.....ඒකෙනුත් 4n එකේ sim එක කඩලා විසි කරලා දාපු නිසා මට sim එකක් තිබුණෙ නෑ.....ඒත් අද මං sim එකක් ගත්තා.....අඩුම ගානෙ කතා කරන්න තමන්ගෙ කියලා කෙනෙක් වත් නැති වුණාට මොකක්ද මන්දා හේතුවකට මට අද sim  එකක් ගන්න හිතුණා.....Job එකක් සෙට් වුණොත් contact  number එකක් තියෙන්නත් ඕනනෙ ......Purse එකේ credit ,debit cards ඕන තරම් තිබුණත් තාත්තා ඒ හැම card එකක්ම block කරලා නිසා මට ඒවගෙන් සල්ලි ගන්න එක හීනයක්ම වුණා.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now