51.ලංකාවේ ජීවිතේ ❤️

Start from the beginning
                                    

"ම්ම්හ්ක්....මහ නපුරෙක් 😒...."

"මෙන්න මෙහෙ වරෙන් බන් wash දාන්න...හඩ්ඩා වගේ නිදාගෙන මෙතන 😏...."

ඇදට පැනපු හේෂ් කම්මැලිකමේ ඉන්න අවීව හරහට උස්සගෙන barthroom එකට අරන් ගියේ අවී හේෂ්ගෙ පිටට ගගහා කෑගහද්දිමයි .... හැබැයි ඉතිං ඒ හිතේ තරහක් නෑ....අවීට ඒ දේවල් වලින් මතක් වුණේ මෙහේ ආව මුල් දවස්...ඒ ලස්සන මතක වලට අවී අදටත් ගොඩාක් ආදරෙයි .....හේෂ් කියලත් වෙනසක් නෑ...
.
.
.
.
.
අවීගෙ නසරාණි වැඩ නිසා හේෂ්ට අවී එක්ක ආයෙමත් නාන්න වුණා.....ඔක්කොම කරලා දෙන්නම ලෑස්තිවෙලා පහළට එද්දි ඇලිස් අවීව උණුසුම් විදියට පිළිගත්තෙ අවී එද්දි ආවෙ හේෂ්ගෙ අත්වල හොදට නිදාගෙන නිසා...ඉතිං අවී ආසම කෑම ජාති ගොඩාක් ඇලිස් අතින් හැදිලා තියෙද්දි හරිම ආසාවෙන් තමයි අවී කෑවෙ...අවීගෙ සතුට දැකලා හේෂ්ගෙ නම් හිතත් පිරිලා....කෑම කාලා සතුටු සාමීචියෙ යෙදිලා හේෂ් අවී දෙන්න කාමරේට ගියේ දීර්ඝ ගමනක් නිසා ගමන් මහන්සිය තදින්ම දැණුන නිසා....වෙනදටත් කලින් දෙන්නම එකිනෙකාට තුරුල් වෙලා සුව නින්දක් ලබා ගත්තා....
.
.
.
.
.
.
.
.
.
සාමාන්‍ය විදියට දවස් දෙකක් ගෙවිලා ගියේ අලුත් දවසකට ඉර පායන ගමන්.......

"අවී මට අද special meeting එකක් තියනවා...ඒ නිසා අද නම් office එකට යන්නම ඕන....පරිස්සමින් ඉදපන් මැණික ....මම ඉක්මනට එන්නම්...."

"හරි මගෙ මහත්තයා ....පරිස්සමින් ගිහින් එන්න ....බුදු සරණයි ....ජේසු පිහිටයි...."

වැදගත් වැඩ ගොඩාක් වගේම special meeting එකක් තියන බව private secretary call කරලා කිව්ව නිසා මේ දවස් දෙකේ ගෙදරටම වෙලා අවී එක්ක හිටපු හේෂ්ට Office එකට යන්න සිද්ධ වුණා...ඉතිං අවීට උපදෙස් රාශියකුත් දීලා හේෂ් ඩේව් එක්ක පිටත් වෙලා ගියේ ගෙදරට security එකත් හොදටම වැඩි කරලා.....
.
.
.
.
.
.
.
"ඇලිස් අම්මා.....ඇලිස් අම්මා......"

"පුංචි මහත්තයා ....?"

"ඇලිස් අම්මා අපි කේක් එකක් හදමුකො...."

"හරි මහත්තයා මං හදන්නම්....."

"නෑ නෑ.....ඇලිස් අම්මා මට උදව් කරන්න...මං හදන්නම්......මට පුලුවන් ....කම්මැලී ඇලිස් අම්මා කාමරේට වෙලා ඉන්න...."

"අනේ මන්දා පුංචි මහත්තයා ...මට මහත්තයා බනීද දන්නෑ පුංචි මහත්තයා කුස්සියෙ වැඩ කළා කියලා...."

"පිස්සුද ඇලිස් අම්මා...එයා බනින්නෙ නෑ....අනික මං ඔය වැඩ හොදට දන්නවා....."

එහෙම කිව්ව අවී වැඩ්ඩා වගේ කුස්සියට යද්දි ඇලිස් අම්මත් අවීගෙ පස්සෙන් කුස්සියට ගියා....
.
.
.
.

ට්‍රීං ට්‍රීං 🔔
.
.
.
කුස්සියෙ කේක් එකේ වැඩ කර කර හිටපු දෙන්නම බැලුවෙ බෙල් කළේ කවුද කියලා.....

"ඇලිස් අම්මා කවුද ඒ......?"

"ඉන්නකො මහත්තයා මං බලලා එන්නම්.....ගෑස් එක ගේන්න කියලත් කිව්වා සමහරවිට ඒක ගෙනැල්ලද දන්නෑ......"

"අහ් හරි හරි ඇලිස් අම්මා යන්න...."

රෙද්දෙන් අත් දෙකත් පිහදාන ගමන් ඇලිස් අම්මා සාලෙ පැත්තට ගිහින් ඉස්සරහා දොර ඇරියා....

"නෝනා ගෑස් එක ගෙනාවා......"

"අහ් මට හිතුනා..කෝ එන්න......"

.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ..........

up next....

"මහත්තයා දුවන්න......පුංචි මහත්තයා ........"

"අහ්හ්......."

"ම්.....හ....ත්....තයා......"

.
.
.
.
.
.
💧අවසාන කොටසින් හමුවෙමු.....

💧කතාව ගැන අදහසක් කොටන් යන්න 😴...

💧 Vote Comment කරන හැමෝටම ස්තූතී💛 ....
.
.

✍️තිසූ.......

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now