51.ලංකාවේ ජීවිතේ ❤️

Start from the beginning
                                    

"කොල්ලා කොහොමත් පාඩම් කරන්න කම්මැලියා ඇලිස්....කොල්ලා දක්ෂ ඒ පැත්තට නම් අපි ඒ පැත්තට කොල්ලව යොමු කරනවා මිසක් ඒවට බැනලා වැඩක් නෑ...අනික ක්‍රිකට් කියන්නෙ දියුණු කරගත්තොත් ජාතික කණ්ඩායමට වුණත් යන්න පුලුවන් දෙයක්...."

"මට තේරුමක් නෑ මහත්තයා ....."

"කොල්ලා ආවම මාව හම්බවෙන්න එන්න කියන්නකො.....ඒ පැත්තට ආස නම් මං ඒ දේවල් වලට වැඩපිළිවෙළක් හදන්නම්....."

"හොදමයි මහත්තයා .....මහත්තයට පින්......."

ඇලිස්ගෙයි හේෂ්ගෙයි සංවාදෙ ඒ විදියට ඉවර වෙද්දි එතනට ආවෙ ඩේව්....

"ඩේව්....මොකද මේ කලබලෙන්.....?"

"මහත්තයා පොඩ්ඩක් එළියට යමුද......?"

"හා යමු......"

ඇතුළෙ කතා කරන්න නුසුදුසු දෙයක් බව තේරුණ හේෂ් ඩේව්ව අනුගමනය කරමින් එළියට ආවා....

"කියන්න ඩේව් මොකද්ද ප්‍රශ්නෙ....?"

"මහත්තයා අර දුල්මිණ කියන කොල්ලා accident එකක් වෙලානෙ හිටියෙ....."

"ඉතිං.....?"

"ඌ මේ දැන් නැතිවෙලා......"

"හ්ම්ම්.....මං දැනගෙන හිටියා ඔහොම දෙයක් වෙයි කියලා...."

ලොකු හුස්මක් පිට කරපු හේෂ් එහෙම කිව්වා....

"මහත්තයා ....."

"රුක්ෂාන් ගැන සෙවිල්ලෙන් හිටපන්....ඌ දැන් පිස්සු බල්ලෙක් වගේ වෙලා ඇති....."

"හරි මහත්තයා ....."

ඩේව් පණිවිඩේ දීලා පිටවෙලා යද්දි හේෂ් ඇදුමෙ button ගලවන ගමන්ම කාමරේට ගියා....අවී නිදි නිසා towel එකත් අරන් barthroom එකට ගිහින් හොදට නාගත්ත හේෂ් කාමරෙට ඇවිල්ලා ඇදුමක් දාගෙනම අවී ළඟින් ඉදගත්තා.....

"අවී.....අවී ......"

"ම්ම්හ්ම් 😴....."

"හරි ශෝක්....මේකව කවුරුහරි උස්සන් ගියත් දන්නෙ නෑ 😏...."

"ම්....මහත්තයා 😳.....අපි ආවද ගෙදරට....?"

"හුහ්....ආවා ආවා ඇවිල්ලා පැයකටත් කිට්ටුයි...."

"හී හයියෝව් මට නින්ද ගියානි අප්පා 🙈...."

"ආ උඹ දැන් ඔය මායම් දාන්නෙ මොකද ආහ්....මල කෝලම 😏...."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now