අතීත - වත්මන අතරේ
කාල සැතපුම් තරණය කොට
නොදත් අනාගතයෙන් පැමිණි
හේසූ.......මේ වදන් නුඹටයි......ආලය පිරි වටකුරු දෑසට
සිනහවෙන් පොපියන වතට
මා ආලය කළෙමි ...
නුඹ නිසා සිනහසුනෙමි ,හැඬුවෙමි
ආලය උගතිමි මා.....දෑත අල්වා කුටුම්බයට
නොහැකි වූවත් රැගෙන යාමට
මා ලෙය නුඹ කුස තුල වැඩුණු බව දැනගතිමි..
නමුදු නොලදිමි ' පියාණෙනි ' ඇමතුම...නුඹ නිවැරදිය...
සිහසුන ,මාලිගය නම් බියකරුය සෑම දින..
එනිසා බලා සිටිමි
ඔබෙ වත්මන
මා වත්මන හා සමවන තුරු...
එතෙක් සඳ දෙස බලාසිටින්නෙමි
එකම සඳ දෙස බලා
දෙදෙනාම වැලපෙන බැවින්...Lan_kimra
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
___________________
![](https://img.wattpad.com/cover/316157704-288-k954735.jpg)