Chapter 10

364 139 39
                                    

Jungkook's View

"සෙල්ලමක්?මොකක්ද?"

"හයිඩ් ඇන්ඩ් සීක්.."යුන්බි කිව්වෙ මගේ නළලට නළල හොවාගෙන..

යුන්බිගෙ සීතල හුස්ම රැල් මගේ මූන පුරා වදින්න වුණා..

"හ්ම්ම්..දේ.."මං කියද්දි යුන්බි පැත්තක තිබ්බ රෙදි පටියක් අරගෙන මගේ ඇස් දෙක ගැටගැහුවා..

"ගොඩක් ඈත හැංගෙන්න එපා යුන්බියා..අරස්සෝ?"

"දේහ්..මම දුරකට යන්නෙ නෑ.."

යුන්බි කිව්වත් එයා තවමත් මගේ ඔඩොක්කුවෙ වාඩිවුණ විදිහටමයි..එයා දැන් ගිහින් හැංගෙයි කියලා බලාපොරොත්තු වුණත් මගේ දෙතොල්වලට දැනුනෙ සිහිල් ස්පර්ශයක්..

ඒ යුන්බියාගෙ දෙතොල්වල ස්පර්ශය කියලා අඳුන ගන්න බැරිකමක් නෑ..යුන්බිගෙන් ලැබුණේ ආදරණීය..උණුසුම් හාදුවක්..

"ඔයා මේ වතාවෙවත් මට දිනන්න දෙන්න කුක්.."
මගේ දෙතොල්වලින් මෑත් වෙලා යුන්බි කිව්වා..එයා එහෙම කිව්වෙ හැම පාරම මම එයාව ඉක්මනින් හොයාගන්න නිසා වෙන්න ඇති..

මං හිනාවුණා..

"සරන්ග්හේ...කුක්.."

යුන්බි මගෙන් ඈතට යනවත් එක්කම මම කවුන්ට් කරන්න පටන් ගත්තා..

යුන්බිගෙ අඩි සද්දයක්වත් ඇහුනෙ නෑ..

"හනා..දුල්..සම්..නේ.........ඔෂිබ්.."පනහට වෙනකම් කවුන්ට් කරලා මම හිමින් ඇස් දෙකට බැඳලා තිබ්බ රෙදි පටිය අයින් කළා..එකපාරම ඇස් දෙක බොඳ වෙලා වගේ පෙනුනෙ තරමක් වෙලා ඇස් දෙක වැහිලා තිබුණ නිසා වෙන්න ඇති..

"යුන්බියා..මං ඔයාව හොයන්න එනවා.."හඬ උස් කරලා කිව්වෙ යුන්බිට ඇහෙන්න..

මම පහළ තට්ටුව පුරාම ඇවිද්දා..

ඉස්සර අපි දෙන්නා සෙල්ලම් කරපු විදිහ ඇස් දෙකේ මැවිලා පේන්න ගත්තා..

"නෝ යුන්බි..මං ඔයාව හොයගන්නවා.."

"යොබෝ...මං ඔයාව හොයාගන්නවා.."

යුන්බි සාලෙවත්..ඩයිනින් රූම් එකේවත්..කිචන් එකේවත් හිටියෙ නෑ..සද්ද නැතුව මේන් ඩෝ එකෙන් එළියට යන්න විදිහක් නෑ කියලා හිතුණත් මම දොර ඇරගෙන ගාඩ්න් එකට ගියා..

Hide & Seek | Jungkook Centric | CompletedWhere stories live. Discover now