මං දකින්න ආසම හිනාව..යුන්බිගෙ මූණෙ ලස්සනට සිත්තම් වෙලා තිබුණා..

එකපාරම ආපු සිතිවිල්ලට ඒ මූණ දෝතට අරගෙන මං යුන්බිගෙ කොපුලක් උඩින් හාදුවක් තැවරුවා..

"‌ෆ්‍රී කිස් දෙන්න බෑ කුක්.."යුන්බි කිව්වෙ වෙනදා වගේම කටත් උල්කරගෙන හුරතල් විදිහකට..මගේ කෙල්ල ආයෙත් හිටපු තත්වෙටම ඇවිත් කියන සතුට පුදුමාකාර විදිහට හදවත වෙළාගෙන තිබුණා..

මං තදින් යුන්බිව තුරුළු කරගත්තා..

"ෆ්‍රී හග් දෙන්නත් බෑ.."යුන්බි ආයෙත් කිව්වා..

"ම්ම්..කොහොමද මිසිස් ‌ජොන් මම ඔයාට මේකට පේ කරන්න ඕනෙ?"මම ඇහුවෙ ඒ විදිහටම ඉඳගෙන...

යුන්බි මගෙන් ඈත් වුණේ ලොකු කල්පනාවක ගිලිලා වගේ කම්මුලටත් දබරැඟිල්ල තියාගෙන..

"මෝනින් කොෆී එකෙනුයි බ්‍රෙක්ෆස්ට් එකෙනුයි ඔයාට ගෙවන්න පුළුවන් වෙයි මිස්ටර් ජොන්.."

"ඕකේ..කොෆී එකනම් දැනටම රෙඩි.."මං කිව්වෙ ‌දුම් දාන කෝපි එක යුන්බිගෙ අතට දෙන ගමන්..එයාගෙ මූණෙ ආඩම්රකාර හිනාවක් මැවුණෙ නිරුත්සාහිකවම වගේ..

"මොනවද බ්‍රෙක්ෆස්ට් එකට කැමති?"මං ඇහුවා..

"ඩම්ප්ලින්ග්ස්.."යුන්බි කිව්වෙ පුළුල් හිනාවකින්..

"අරස්සෝ..මම හදන්නම්..හැබැයි තව කිස් එකක් ඕනෙ.."මං කියද්දි කෝපි කෝප්පෙ කිචන් කවුන්ටර් එක උඩින් තියලා යුන්බි මගෙ බෙල්ලෙ එල්ලුණෙ පොඩි ළමයෙක් වගේ..ඇඟිලි තුඩුවලින් ඉස්සිලා එයා මගේ කම්මුලක් සිපගත්තා..

"දැන් හරිද?"

"දේහ්..ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න යුන්බියා..මං කෑම හදන්නම් එතකන්.."මං කියද්දි එකඟ වෙලා වගේ යුන්බි ආයෙත් පඩිපෙළ නැගගෙන කාමරේට ගියා..

ෆෝන් එකට ආපු මැසේජ් එක නිසා මම ෆෝන් එක චෙක් කළා..
ඒ මැසේජ් එක ඇවිත් තිබුණෙ නම්ජුන් හ්‍යොන්ගෙන්..

-ජන්ග්කුකා ඒ වීඩියෝ එක එඩිට් එකක් කියලා අපිට පතුරවන්න වෙයි 

-කොහොම හරි කමක් නෑ හ්‍යොන් මේක ඉක්මනට ඉවරයක් වෙන්න ඕනෙ.

හ්‍යොන්ට රිප්ලයි කරලා මම ෆෝන් එක ඕෆ් කරලා පැත්තකින් තියලා යුන්බි ආසම විදිහට ඩම්ප්ලින්ග්ස් හදන්න ගත්තෙ යුන්බි ගොඩක් දවසකින් හරියට කාලා බීලා නැති නිසා..
යුන්බිගෙ ෆෝන් එකත් ඕෆ් කරලා මගේ කබඩ් එකට දාලා වහලා තිබ්බෙ යුන්බිව මේ දේවල් වලින් පුළුවන් උපරිම විදිහට ඈත් කරන්න..ගෙදර ටීවී කනෙක්ෂන් එකයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි ඩිස්කනෙක්ට් කරෙත් ඒ නිසාමයි..

වැඩි වෙලාවක් යන්න කලින් යුන්බි ආයෙත් පහලට බැස්සෙ වෙන ඇඳුමකට මාරු වෙලා..

ලා නිල් පාට පසුබිමේ සුදු පාට පුංචි මල් වැටිලා තිබ්බ ඒ ගවුම මමයි කලින් දවසකදි යුන්බිට අරගෙන දුන්නෙ..ඒත් මං දැකලා නෑ යුන්බි මීට කලින් මේ ඩ්‍රෙස් එක අඳිනවා..

දාගෙන හිටිය ලිහිල් පෝනිටේල් එකෙන් කන දෙපැත්තට පෙරුණ කොණ්ඩෙ හද හද යුන්බි මගේ ගාවට ආවා..

"ලස්සනයි.."මං කිව්වා..

"මමද?"

"අනියෝ..ගවුම.."මං කියද්දි යුන්බි සෝෆා එකේ තිබ්බ කුෂන් එකකින් මට දමලා ගැහුවා..

ඩම්ප්ලින්ග්ස් ටික දාපු ප්ලේට් එක අරගෙන ඇවිත් කෑම මේසෙන් තිබ්‌බෙ එයාවත් මේසෙන් වාඩි කරවන ගමන්..

අපි දෙන්නා එකට කෑම කන්නෙ සෑහෙන දවසකින්..ඉතින් සෑහෙන දවසකින් මම සතුටින් හිටියා..

වෙනදට වඩා වැඩි වෙලාවක් අපි කෑම මේසෙ ගත කළා..අපි කතා කළා..හිනාවුණා..පරණ දේවල් මතක් කළා..

උදේ කෑමෙන් පස්සෙ යුන්බි පිඟන් හෝදන රාජකාරිය භාරගත්තෙ ස්වකැමැත්තෙන්මයි..මම ඒකට විරුද්ධ නොවී ඇවිත් සෝෆාවට බර දුන්නෙ සැහැල්ලු හිතින්..

යුන්බි සාලෙට ආවෙ විනාඩි කීපයක් ගත වුණාට පස්සෙ..යුන්බි ඇවිත් මගේ ඔඩොක්කුවෙන් ඉඳගත්තෙ මගේ ‌බෙල්ල වටේ එයාගෙ අත් දෙක ඔතන ගමන්..

එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා..මමත් ඒ අහිංසක ඇස් අතර අතරමං ‌වුණා..

වචනවලින් කියන්න බැරි දහසක් දේ එයාගෙ ඇස්වලින් මට කියන්න උත්සහා කරනවා වගෙයි මට දැනුනෙ..

ඒත් ඇයි ඒ ඇස් මොනාහරි හංගනවා කියලා මට දැනෙන්නෙ..?

"ජන්ග්කුක්..අපි සෙල්ලමක් කරමු..?"යුන්බි ඇහුවෙ මාව තවත් පුදුම කරලා..ඒත් එයාට බෑ කියන්න හිත දුන්නෙ නෑ..

"සෙල්ලමක්?මොකක්ද?"

_______________

-To Be Continued-

A/N
ඊළඟ කොටෙසෙදි ෆ්ලෑෂ්බැක් ලියලා තියෙනවා..අමතක කරන්න එපා.අකුරු ඉටැලික් කරලා තියෙනවා :-)

Hide & Seek | Jungkook Centric | CompletedWhere stories live. Discover now