KTH:14

169 43 13
                                    

ඒ කිම් මැන්ෂන්හි වාර්ෂිකව පවත්වන වර්ෂාවසාන සාදයට පෙර දිනයයි. කිම් මහතා උදේම නගරයට පිටත්ව ගියේ ඔහුගේ කාර්යාල කටයුත්තක් සදහා මෙන්ම සාදයකට අවශ්‍ය කරන අඩුපාඩු තවත් දේවල් පිරික්සා බැලීමටයි.

එදින නිවාඩු දිනයක් වූ නිසා ටේහ්යුනුත් , ජිනුත් කිම් මැන්ෂන්හි සිටි අතර සියලු සේවකයන් සාදය සදහා කිම් නිවස සූදානම් කිරීමේ වැඩ කටයුතුවල නිරත වුණා. විසිත්ත කාමරයේ සෝෆාවක හිද එහෙට මෙහෙට කැරකෙන සේවකයන් දෙස බලා සිටි ටේහ්යුන් හදිසියේ දුටුවේ එක් අතක එක මත එක කුඩා කාඩ්බෝඩ් පෙට්ටි තුනක් බොහොම අමාරුවෙන් සමතුලිතව රැගෙන යන සේවක ජෝන්වයි.

"ජෝන් !!"
ටේහ්යුන් ජෝන් ඉදිරියට ගොස් කතා කලා.

"ආහ් ! ටේහ්යුන් පොඩි මහත්තයා... මොනව හරි මගෙන් වෙන්න ඕනද ?"
ජෝන් එක අතක කුඩා පෙට්ටි සමතුලිත කරන අතරම අනික් අතේ පිගන් කීපයක්ද වුණා.

"මේවා කොහෙටද අරන් යන්නේ ?"
ටේහ්යුන් විමසුවේ ජෝන්ගේ එක අතක වූ පෙට්ටි කිහිපය දෙසට තම ඇගිල්ල දික් කරමින්.

"පරණ ගබඩා කාමරයට"

"ඇයි ඒ !?"
ටේහ්යුන් කුතුහලයෙන් නැවත විමසුවා.

"ආහ් ! මේවා කිම් මහත්තයා ෂොප් එකකින් රෙන්ට් එකට ගෙනාපු පිගන් අසුරලා තිබ්බ පෙට්ටි. ඉතින් මේ පෙට්ටි තියන්න තැනක් නැති නිසා පරණ ගබඩා කාමරයට දාලා සාදයෙන් පස්සේ ආපහු පිගන් ටික පෙට්ටි වලට දීලා බාරදෙන්න ඉන්නේ"
ජෝන් හනික ටේහ්යුන්ට පිළිතුරු දුන්නේ තවදුරටත් රැදී සිටීමෙන් ඔහුගේ සමබරතාවය ගිලිහී යා හැකි නිසයි.

ටේහ්යුන් පෙට්ටි දෙස බලා ජෝන්ගේ අතින් ඒ හිස් පෙට්ටි කීපය ලබාගත්තේ ජෝන්ව මදක් වික්ෂිප්ත කරමින්.

"මම මේ පෙට්ටි ටික ගබඩා කාමරයට අරන් යන්නම්. මෙච්චරද පෙට්ටි තියෙන්නේ ?"
ටේහ්යුන් ජෝන්ගෙන් විමසද්දී ජෝන් කලේ හිස දෙපසට සෙලවීමයි.

"නෑ.. ටේහ්යුන් පොඩි මහත්තයා... පොඩි මහත්තයා ඕක කරන්න ඕනි නෑ. මට කරන්න පුලුවන්. කෝ දෙන්න මට. අද හවසට තියෙන ප්‍රශ්න පත්‍රයට පොඩි මහත්තයට ලෑස්ති වෙන්නත් එපැයි-"
ජෝන් එසේ කියමින් තම නිදහස් අත ටේහ්යුන් වෙතට දික්කර හිස් පෙට්ටි ගැනීමට සැරසුණා.

THE illusion SERIES (completed)Where stories live. Discover now