- "හෙයි අපි දෙන්නයි ඊළගට කසාද බදින්න ඉන්නේ... ඔයා ඒ අස්සේ හිටපු පෙම්වතා එක්ක msg කරන්නේ ලැජ්ජයි නැද්ද ආ?"

- "හ්හ මොන විහිළුවක්ද? දැන් කවුද අපි දෙන්න කසාද බදින්නේ නෑ කිව්වේ?"

- "මෝ මොකක්ද?"

- "මම කිව්වේ නෑනේ මෙයාව බදින්න යනවා කියලා මම නිකන් msg කලා විතරයි මෙයාට ගිහින් තියෙන කේන්තියක් අනා.."

උදීෂා හොබිගේ නහයත් මිරිකා සිනහසෙමින් එසේ කීවේ හොබි ඉදිරියේ තවත් හුරතල් පෙනුමක් පාමිනි.

- "ඔයා මට කොච්චර කැමතිද කියලා වගේම මට ඔයා වගේ විනීත කෙනෙක්, මේ තරම් ආදරේ කරන කෙනෙක් හොයාගන්න වෙන්නේ නෑ කියලත් මන් දන්නවා. ඒ නිසා ඔයත් අනික් කෙල්ලෝ එක්ක උකුළු මුකුළු කරන්නේ නැතුව මගේ පස්සෙන්ම ඉන්න ඕනේ හරිද..."

එසේ කියූ උදීෂා නැවතත් හොබිගේ නහය මිරිකා අතටද තට්ටුවක් දමමින් සිනහවී එතැනින් පිටව ගියේ කොන්ඩෙත් ගස්සමිනි. ඒ දෙස බලා සිටී හොබී ඇයගේ පස්සෙන්ම ඇදී ගියේ කාන්දමක් විලසිනි.

ජොන් මන්දිරයේ විශාල hall එකක් wedding hall එකක් ලෙස සරසා තිබුනා. නම්ජුන් යනු ව්‍යාපාර ලෝකයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරිකයෙකි. එබැවින් එතැනට වාර්තාකරුවන්, කැමරාකරුවන් හා නොයෙකුත් ආකාරයේ අමුත්තන් පැමිණ සිටියේ අලුත් ජෝඩුවට වටිනා තෑගි බෝගද රැගෙනමින්.

සියලු දෙනාම කතා බස් කරමින් සිනාසෙමින් සිටී අතර සංගීත නාදයක් වාදනය වීමට පටන් ගැනීමත් සමග ඔවුන් සියළු දෙනාම දොර දෙස හැරී බැලුවේ දැන් වෙලාව හරි බව පෙනී යාමෙන්. සංගීත නාදය වාදනය වීමත් සමගම අල්තාරය උඩ මයික් එක අසල සිටී පුද්ගලයා ඔහුගේ හඬ අවදි කලේ සැමගේම අවදානය ඔහු වෙතට එල්ල කරවමින්.

- "අවසානයේ අල්තාරය දිගේ මනාල යුවල පැමිණෙනවා බැලීමට වෙලාවයි මේ. මම කැමති හැමෝම පිටුපසට මුහුණ දීල ඉන්නවනම්. එසේනම් අපි අත්පොලසන් නාදයකින් පිළිගනිමු."

- "මනාල යුවල වන කිම් ථේ හ්යුන්ග් සහ ඔහුගේ අතිනත ගත් ජොන් ජන්ග්කුක්ව සාදරයෙන් පිලිගන්නවා."

සංගීත වාදනයත් සමග ථේගේ අතැගිලි වල තමාගේ අත පටලාගෙන පැමිණි ජන්ග්කුක්ගේ මුහුණ රතු වී තිබුනා. වාඩි වෙලා සිටී සෑමදෙනාගේම දෑස් හා wedding hall එකේ තිබු අලෝකයන්ද ඔවුන් දෙදෙනාගේ දෙසටම හැරී තිබුනේ ඔවුන්ව තවත් කැපී පෙනෙන ආකාරයෙන්ය. පැමිණ සිටී වාර්තාකරුවන් සහ ඡායාරුප ගැනීමට පැමිණ සිටී කැමරාකරුවන්ගේ කැමරාවලින් මතු වූ අලෝකයන්ද වෙනස්ම ආකාරයක දසුනක් මවා පෑවා. සැමදෙනාගේම අත්පොලසන් නාදය හා සිනා හඬ මැදින් ඔවුන් දෙදෙනා අල්තාරය දිගේ ඉදිරියටම පැමිණියේ ථේගේ අතින් අල්ලාගෙන සිටී ජන්ග්කුක්ගේ අත අනික් අතෙන්ද ථේ අල්ලන් පැමිණියේ ජන්ග්කුක්ට මදකට හො තමන් ගාවින් වෙන්ව යාමට නොහැකි ලෙසට දෙදෙනාම අතිනත ගෙන අල්තාරය දිගේ ඇවිද ආවේ හැමෝගේම දෙනෙත් කදුලුන් තෙත් කරවමින් සහ වැඩිහිටි අයගේ ආශිර්වාදය මැදින්.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Onde histórias criam vida. Descubra agora