O...ne y...ear..!!
සොහා දිහා බලාගෙනම වචන ගලපපු කොල්ලා බිම බලාගත්තෙ හිතට අමුත්තක් දැනෙන්න පටන්ගන්නකොට...

හ්ම්ම්...මගෙ බෑග් ටික අරගෙන එන්න...!!
කෙල්ලවත් ගනන් ගන්නෙ නැතුව සෙවකයෙක්ට අණ කරපු මිසිස් ජියොන් හැරිලා ඇතුලට ගියෙ තමන්ට කාබරයක් ලෑස්ති කරන්න කියන ගමන්මයි...

ඒ ඔයාගෙ ඔම්මද..??
එයා යන දිහා බලාගෙන හිටපු සොහා ජංකුක්ගෙන් ඇහුවෙ හිත ඇතුලෙන් අමුතුම හැගීමක් එලියට පනින්න දගලද්දි...

ඔව්...!! මට ඔෆිස් යන්න ලෑස්ති වෙන්න තියනවා...
අද important meeting එකක්..
ඉක්මනට උත්තර දිපු කොල්ලා තමන්ගෙ කාබරෙට ගියෙ සොහා හදලා තිබ්බ කොෆි එකත් අතට ගන්න ගමන්...

හ්ම්ම්...!!

Time passed...

Soha pov,

දවසින් දවස කාලෙ ගෙවිලා ගියා හරි ඉක්මනට...
නොදැනුවත්වම ඒ දවසටත් ටිකෙන් ටික ලංවෙනවා...

මේ හැමදෙම අත ඇරලා පැත්තකට වෙන දවස..!!

මෙ ගෙවුනු අවුරුද්දට ගොඩක් දෙවල් වෙනස් වෙලා...මගෙ හිත පවා...
අවුරුද්දකට කලින් කාටවත් ආයිමත් ආදරෙ කරන්නෙ නෑ කියලා හිතං හිටපු මම අද කෙනෙක්ට හොරිම ආදරෙ කරන්න පටන් අරන්...

ඔව්...ඒ ජංකුක්...!!

මන් දන්නවා මේක වැරදි කියලා...!!
ඒත් මගෙ හිතට ඒක තෙරුංකරන්නෙ කොහොමද මම..??

මන් දන්නවා එයාගෙ හිතෙ මන් ගැන කිසිම හැගීමක් නෑ කියලා...
එයා කවදාවත් මට ආදරෙ කරන්නෙ නැති වෙයි...

දැන් ටේහිට ජංකුක්ව නැතුවම බැරි කෙනෙක් වෙලා...
මේ අවුරුද්දට ජංකුක් ගොඩක් වෙනස් වෙලා...එයාගෙ තද ගතිගුණ ටිකක් අඩුවෙලා හිනාවෙන්න පටන් අරන්...

මන් ගොඩක් ආස එයාගෙ හිනාවට...
මාව එයා ලග අතරමන් කරන්නෙත් ඒ හිනාවමයි....

එයාට කියන්න ගොඩක් දෙවල් තියනවා...එත් එයා ඇහුංකන් දෙවිද මට..??
මන් එයාගෙ කවුද..??
මගෙ දෙවල් එයත් එක්ක බෙදා ගන්න තරං...!!

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ حيث تعيش القصص. اكتشف الآن