ආදරණීය හන්තාන, තනිවුන හැම රෑකම තනි රැක්කට ස්තූතියි( •_•)<3

76 14 39
                                    

RE EDITED!!


ම්ම්..අවුරුදු 3ක් ගිහින් ,දෙවියනේ අද මගේ ග්‍රැජුඒට් එක! 

ටේටෙ එයි නේද?මම දැන් විනාඩි 15ක් තිස්සෙ බලන් ඉන්නෙ එයා එනකන්..

එයා පොරොන්දු වුනා අද එනවා කියලා.

මේ අවුරුදු 3 ට දේවල් පුදුමසහගත විදියට වෙනස් වුනා.ඔයාලා පිළිගන්නවද ටේටේ මගේ හොදම යාලුවා! අහ් නැහැ, මමයි එයාගෙ හොදම යලුවා! එතකොට ටේටේ මගේ කවුද? ඒකට උත්තරේ මම තවමත් මාව රිද්ද ගන්නවා.ම්ම් මගේ ඒක පාර්ශ්වික ආදරය තාමත් එහෙමමයි.

ඒත් අදයි අන්තිම දවස.මම පේරාදෙණිය අතඇරලා යන,මගේ ප්‍රේමය හිත ඇතුලෙම හන්ගගෙන යන ඒ දවස.

මම දැනගෙන හිටියා මෙහෙම දවසක් එනවා කියලා..තවදුරටත් මම මාවම රිද්ද ගන්න ඕනෙද?මම දන්නෙ නැහැ මම මේ කරන්න යන දේ හරිද කියලා ඒත් මම මේ ගැන එයාට කියනවා!


හ්ම්බ්ජ්ව්‍ජ්ක්ස් ! දෙවියනේ මම ඒක අද කියනවා..


"හේයි.දේව්!"


ඔහ් එයා ආවා.මගේ ටේටේ ආ......වා.ආහ් එයා තනියම නෙමෙයි..එයා..එයාගෙ අතේ එල්ලිලා හිටියේ කෙල්ලෙක්!ලස්සන ,කියුට් ඒන්ජල් කෙනෙක් වගේ කෙල්ලෙක්..එයත් හන්ගුක් පෙනුමයි..ලස්සනයි.ටේ ටේ එයා දිහා බලන විදිහ,හිනා වුන විදිහ මන් එක්ක ඉන්නකොට වඩා ගොඩක් වෙනස්! ඒ ඇස් දිළිසෙනවා කියලා දුර ඉදන් වුනත් කියන්න පුලුවන්..


මේකද එතකොට මගේ දෛවය?හැමදාම මාව රිද්දන එකද?ඇයි මටම?


"දේව්! ඔයා මොන ලෝකෙද ඉන්නෙ? අදුන ගන්න මේ මගේ වයිෆ්,ජියොන් ජන්ග්හි!"


එතනින් පස්සෙ මට එයා කියපු කිසි දෙයක් හරියට ඇහුනෙ නැහැ..මම කොහොමද මගේ ග්‍රැජුවේට් එක ගත්තේ ,මේ කිසි දෙයක් මට මතක තිබුනෙ නැහැ ! ඒ වෙලාවෙ මගේ ඔලුවෙ කැරකුනේ එක දෙයයි


"මිස්ටර් කිම් ඔයාට අයිති නැහැ" කියන එක විතරමයි. 

TRAPPED TEARS  (completed)Where stories live. Discover now